Lanka News Page

විමල්ට එරෙහිව රිෂාඩ්ගෙන් CIDයට පැමිණිල්ලක්

අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් 2021 මාර්තු 09 දින සිදුකළ  සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂ නායක රිෂාඩ් බතියුදීන් මහතා අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාරදෙන ලදී. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් සමග තමන්ගේ සහෝදරයා දුරකථනයෙන් Read More

බුර්කාව සහ මද්‍රසා පාසැල් කඩිනමින් තහනම් කිරීමට කටයුතු කරනවා. – සරත් වීර‍සේකර

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියළු පුද්ගලයන්ට දඩුවම් දෙන අතර ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස හදුනාගෙන ඇති බුර්කාව පැළැදීම හා මද්‍රසා පාසල් තහනම් කිරිමට කඩිනමින් කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදි අද (10) ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශය වශයෙන් පාස්කු Read More

රන්ජන්ගේ මන්ත්‍රීධූරය ගැන පාර්ලිමේන්තු තීන්දුව අභියාචනාධිකරණ තීන්දුවෙන් පසුවයි – කතානායක

පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක අභියචනාධිකරණයෙන් කර ඇති ඉල්ලීමට අදාළ තීන්දුව ලද පසු ඔහුගේ මන්ත්‍රීධූරය ගැන තීන්දුවක් ගත හැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි අද (10) ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට කැදවන ලෙසත් මන්ත්‍රීධූරය රකින ලෙසත් කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීය. විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ Read More

බන්දුල ගුණවර්ධන සමාජගත කළ ශක්‍රයාගේ පුතා වයිමා

2005 – 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ද වෙළඳ අලෙවි සංවර්ධන සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය ධූරය හොබවමින් සිටියදී ‘රුපියල් 2500කින් පස් දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් ජීවත් වීමට පුළුවන්‘ යැයි ද ඊට පසුව ‘බඩු මිල අඩු කිරීමට ශක්‍රයාගේ පුතා වයිමාටවත් බෑ‘ යැයි ද කියමින් ජනමාධ්‍යවේදීන් ගේ ‘කෙලි බඩුවක්’ බවට පත් වත්මන් වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන පසුගිය Read More

රාජ්‍ය මූල්‍ය අධික්ෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලය ඇතැම් අවස්ථාවල දී අභියෝගයට ලක් වෙලා – කෝප් සභාපති

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා විසින් අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කළේ වර්තමානය වන විට රාජ්‍ය මූල්‍ය පරිපාලනය අධික්ෂණය කිරීම සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුව සතු බලය Read More

තායිලන්තයට එන සංචාරකයන්ට නිරෝධායනයට යාත්‍රාවක්

තායිලන්තයට පැමිණෙන සංචාරකයන්ට දැන් සති දෙකක කොරෝනා වයිරස් නිරෝධායනය යාත්‍රාවක ගත කළ හැකිය. මෙම නව පියවර මඟින් යාත්‍රා සංචාරක ආදායමෙන් බාට් බිලියන 1.8ක් (ඩොලර් මිලියන 42 ක්) ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි. වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටේ අරගලකාරී තත්ත්වයකට පත් වී තිබෙන සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම මෙම පියවරේ අරමුණයි.

සංවර්ධන වැඩවලට ගන්නා ණය එම ව්‍යාපෘතියෙන්ම පියවන්න – අගමැති

සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබාගැනීමේ දී අදාළ ව්‍යාපෘතිය මඟින්ම ණය ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙයි. විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශ ණය ලබා ගැනීමේ දී එම ණය පියවීමට ඇති හැකියාව සොයා බැලීම අනිවාර්ය කරුණක් බව පෙන්වාදෙන අගමැතිවරයා අදාළ ව්‍යාපෘතිවල ආදායම තුළින්ම එම ණය පියවීමට ඇති හැකියාව සොයා Read More

20/20 ශ්‍රේණිගත කිරීම්වල ඇෆ්ගනිස්තානයත් ඉදිරියට ශ්‍රී ලංකාව 10 ට වැටෙයි

තරග 03 කින් සමන්විත ශ්‍රී ලංකා – ‍බටහිර ඉන්දීය කොදෙව් 20/20 තරගාවලිය අවසන් වූයේ සත්කාරක කොදෙව්වන්ට 2-1 ක් ලෙස ජයග්‍රහණය අත්කර දෙමිනි. මෙය 20/20 තරගවල ශ්‍රී ලංකාව පිට පිටම අත්කර ගත් සිව්වැනි තරගාවලි පරාජයයි. අවසන් වරට ශ්‍රී ලංකාව තරගාවලියක් ජයග්‍රහණය කළේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඒ පකිස්තානයට එරෙහිවයි. කෙසේ නමුත් පසුගිය වසර කිහිපය තුළ දිගින් Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කරන්නේ මුදලාලිලා 25ක් නම් ආණ්ඩුවකින් වැඩක් නෑ

රටේ භාණ්ඩ මිල පාලනය කරන අතරමැදියන්ගේ මාෆියාව බිඳ හෙළිය යුතුම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මුලදී සහල් සම්බන්ධයෙන් පමණක් පැවති අතරමැදියන්ගේ මැදිහත්වීම මේ වනවිට උඳු, මුංඇට, කව්පි, කඩල වැනි බෝග වෙතත් ව්‍යාප්ත වී ඇති බවත් ඔවුන් තොග මිලදීගෙන විශාල ලාභයක් තබාගෙන වෙළඳපොලට නිකුත් කරන නිසා පාරිභෝගිකයාට බරපතළ අසාධාරණයක් සිදුවන බවත් ඒ මහතා Read More

සීනි බදු වංචාව කෝටි 15,900ක්

ආන්දෝලනාත්මක ගැසට් නිවේදනයක් මගින් සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ තීන්දුව නිසා පසුගිය කාල සීමාව තුළදී රජයට අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 15.9ක් බව මුදල් අමාත්‍යංශය පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක් මගින් අනාවරණය වුණා. 2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 20 දක්වා කාලය තුළ එක් ආයතනයක් Read More

t

o

p