අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කරන්නේ මුදලාලිලා 25ක් නම් ආණ්ඩුවකින් වැඩක් නෑ

March 10, 2021

රටේ භාණ්ඩ මිල පාලනය කරන අතරමැදියන්ගේ මාෆියාව බිඳ හෙළිය යුතුම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

මුලදී සහල් සම්බන්ධයෙන් පමණක් පැවති අතරමැදියන්ගේ මැදිහත්වීම මේ වනවිට උඳු, මුංඇට, කව්පි, කඩල වැනි බෝග වෙතත් ව්‍යාප්ත වී ඇති බවත් ඔවුන් තොග මිලදීගෙන විශාල ලාභයක් තබාගෙන වෙළඳපොලට නිකුත් කරන නිසා පාරිභෝගිකයාට බරපතළ අසාධාරණයක් සිදුවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. 

“අපි මේ අතරමැදියා කියන එකට ගැහුවේ නැත්නම් ආණ්ඩුවකින් වැඩක් නෑ. ආණ්ඩුවක් තියෙන්නෙ මිල පාලනය කරන්න. මෝල් හිමියො හතර දෙනෙකුට බෑ මේ රට පාලනය කරන්න. 

දැන් බඩ ඉරිඟු මිල දෙන්නෙක් පාලනය කරනවා. වී මිල කරනවා හතර දෙනෙක්. එතකොට උඳු මිල පාලනය කරනවා තුන් දෙනෙක්. දැන් මෙහෙම රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික පවුල් 25ක් නැත්නම් මුදලාලිලා 25ක් පාලනය කරනවා නම් ආණ්ඩුවකින් වැඩක් නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

t

o

p