තරග 03 කින් සමන්විත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් 20/20 තරගාවලිය අවසන් වූයේ සත්කාරක කොදෙව්වන්ට 2-1 ක් ලෙස ජයග්‍රහණය අත්කර දෙමිනි. මෙය 20/20 තරගවල ශ්‍රී ලංකාව පිට පිටම අත්කර ගත් සිව්වැනි තරගාවලි පරාජයයි.
අවසන් වරට ශ්‍රී ලංකාව තරගාවලියක් ජයග්‍රහණය කළේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඒ පකිස්තානයට එරෙහිවයි.
කෙසේ නමුත් පසුගිය වසර කිහිපය තුළ දිගින් දිගටම පරාජයට පත්වීම හේතුවෙන් කොදෙව් තරගාවලිය අවසන් වනවිට ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානය දක්වා පල්ලම් බැසීමට සිදුව තිබේ. විශේෂත්වය වන්නේ ඇෆ්ගනිස්තානයද ශ්‍රී ලංකාවට වඩා එක් පියවරක් ඉහළින් සිටීමයි.
ශ්‍රී ලංකාවේ නම ලෝකයේ ඉහළින්ම ඔසවා තැබීමට සමත් වූ ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත කඩාවැටීමක් සිදුව ඇති අතර වසර ගණනාවක් තිස්සේ ඉන් ගොඩ ඒමට ක්‍රිකට් බළධාරීන් තවමත් සමත්ව නොමැත.
විටින් විට ඩොලර් ලක්ෂ ගණනින් පඩි ගෙවා පුහුණුකරුවන් බඳවා ගත්තද, විවිධ තනතුරුවලට ක්‍රිකට් විශේෂඥයන්, විශේෂඥ පුහුණුකරුවන් බඳවා ගත්තද තවදුරටත් ක්‍රිකට් අගාධය කරා ගමන් කරමින් තිබේ.