සංවර්ධන වැඩවලට ගන්නා ණය එම ව්‍යාපෘතියෙන්ම පියවන්න – අගමැති

March 10, 2021

සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබාගැනීමේ දී අදාළ ව්‍යාපෘතිය මඟින්ම ණය ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙයි.

විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශ ණය ලබා ගැනීමේ දී එම ණය පියවීමට ඇති හැකියාව සොයා බැලීම අනිවාර්ය කරුණක් බව පෙන්වාදෙන අගමැතිවරයා අදාළ ව්‍යාපෘතිවල ආදායම තුළින්ම එම ණය පියවීමට ඇති හැකියාව සොයා බැලීම වඩාත් යෝග්‍ය බවද කියාසිටී.

එබැවින් ණය ලබාගැනීමට ඇති හැකියාව සේම එම ණය යෙදවීම සඳහා වඩාත් ඵලදායී ව්‍යාපෘති තෝරා ගැනීම අත්‍යවශ්‍ය බවද හෙතෙම අවධාරණය කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා එක්වෙමිනි. එම රැස්වීම මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

t

o

p