සීනි බදු වංචාව කෝටි 15,900ක්

March 10, 2021

ආන්දෝලනාත්මක ගැසට් නිවේදනයක් මගින් සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ තීන්දුව නිසා පසුගිය කාල සීමාව තුළදී රජයට අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 15.9ක් බව මුදල් අමාත්‍යංශය පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක් මගින් අනාවරණය වුණා.

2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 20 දක්වා කාලය තුළ එක් ආයතනයක් මෙරට සීනි ආනයනයෙන් 39.02 % ක් සිදු කර තිබෙන බවත් තවත් ආයතන 06ක් මෙරට සීනි ආනයනයෙන් 46%ක් සිදු කර තිබෙන බව එම වාර්තාවේ සදහන් වෙනවා.

එසේම මෙරට සීනි ආනයනයෙන් 85%ක් සිදු කර තිබෙන්නේ ආයතන 07ක් විසිනි. 

t

o

p