රන්ජන්ගේ මන්ත්‍රීධූරය ගැන පාර්ලිමේන්තු තීන්දුව අභියාචනාධිකරණ තීන්දුවෙන් පසුවයි – කතානායක

March 10, 2021

පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක අභියචනාධිකරණයෙන් කර ඇති ඉල්ලීමට අදාළ තීන්දුව ලද පසු ඔහුගේ මන්ත්‍රීධූරය ගැන තීන්දුවක් ගත හැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි අද (10) ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට කැදවන ලෙසත් මන්ත්‍රීධූරය රකින ලෙසත් කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීය. විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය

මට ඉතා වැදගත් කාරණාවක් මතු කරන්න අවස්ථාව ලබා දෙන්න , විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිතුමා රංජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් නිවාඩු යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා .විශේෂයෙන්ම මං මේක අවස්ථාවක් කර ගන්නවා, ගරු කථානායකතුමනි , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66, 89, 91, 105 (3) යන ව්‍යවස්ථාවන්ට අනුකූලව රංජන් රාමනායක මැතිතුමා සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේයි.

අභියාචනාධිකරණයත් ස්ටේටස් කෝ එක එලෙසම පවත්වාගෙන යන්න කියල, මහා ලේකම්වරයාටත්, පාර්ලිමේන්තුවටත්, නියෝගයක් නිකුත් කර තිබෙනවා.එවන් තත්ත්වයක් යටතේ. දැන් මාස ගණනාවක් මුළුල්ලේ අපේ ඉල්ලීම  රංජන් රාමනායක මන්ත්‍රිතුමා ව පාර්ලිමේන්තුවට කැඳවන්නයි කියන ඉල්ලීමයි. ඔබතුමා එය එකහෙළාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.එපමණක් නොවේ , ඔබතුමාගේ වගකීමක් තමයි, මහජන මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආරක්ෂා කර දීම. දැන් අපට පෙනෙන ආකාරයට , බොහොම නිහතමානීව මම කියන්නට ඕනේ ඔබතුමා ඒ කර්තව්‍යය පැහැර හරිමින් සිටින බව කනගාටුවෙන් වුණත් කියන්න ට සිද්ද වෙනවා. කතානායකතුමනි, ඇයි රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ නිවාඩු යෝජනාව මේ සභාවට ගෙන එන්නට ඔබතුමා ඉඩ ලබා නොදෙන්නේ ? ඒක ඇත්ත වශයෙන්ම මේ සම්ප්‍රදායෙන් බැහැරව කටයුතු කිරීමක්!

කිසිම දිනක අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන ඉතිහාසයේ  එහෙම දෙයක් සිදුවී නැහැ.කථානායකතුමනි, කරුණාකරලා මේ නිවාඩු යෝජනාව ගෙන එන්න අපිට අපිට අවස්ථාව ලබා දෙන්න. ඔබතුමා මේ අධිකරණ නියෝගයක් කියන මුවාවෙන් ස්ථාවර නියෝග යට හැංගෙන උත්සාහ නොකරන්න. රංජන් රාමනායක මැතිතුමා සම්බන්ධව අදටත් අභියාචනාධිකරණයෙන් පිළිගෙන ඔබතුමන්ලා හට නියෝග කර තිබෙනවා, ඒ මැතිවරණ කොමිසමට මන්ත්‍රී අසුනක් හිස් වීම ගැන ලිපි ලියන්නට එපයි කියලා.එසේ අභියාචනාධිකරණය කියද්දී, ඔබතුමා අහක බලාගන්නවා, අහක බලාගෙන ඔබතුමාගේ පාර්ශවයේ මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දක්වනවා.එක වැරදීයි. ඔබතුමා 66,89,113 කියන ව්‍යවස්ථා කියවලා බලන්න. උසාවියට අධිකරණයට අපහාස කිරීම පිළිබඳ විශේෂයෙන්ම අර මාස හය, වසර දෙක කාලවකවානු පිළිබඳව ඒ දඬුවම පිළිබඳව කිසිම නිශ්චිත සදහනක් නැහැ. ඉතින් ඒත් සම්ප්‍රදායානුකූලව ඔබතුමාගේ වගකීම තමයි රාමනායක මැතිතුමාව මේ මැති සබයට කැඳවීම.ඔබතුමා එක කරන්නෙත් නෑ. ඉන් ඔබ්බට ගිහිල්ලා ඔබතුමා තීන්දුවක් අරන් තියෙනවා එතුමාගේ නිවාඩු යෝජනාව ස්ථාවර නියෝග  මත මේ සභාවට ගෙන එන්නට බැරිය කියලා. අමනාප වෙන්න එපා, ඔබතුමාගේ අපක්ෂපාතීත්වය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා – විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන  කාරණාව අද දිනට නියමිත නැහැ.ඔබතුමා අවසරයක් දීලත් නැහැ. දැන් අද දිනට නියමිත රටක් තැති ගත්ත මුළු රටම බලාගෙන ඉන්න පාස්කු ප්‍රහාරය පිලිබද වාදයට විපක්ෂයත් එකඟවෙලා තියෙනවා. අද දින එය ආරම්භ කිරීමට තිබෙන සීමිත වේලාව තිබෙද්දී වෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම මේ විවාදය අද කඩාකප්පල් කිරීම අරමුණු වෙන්නට පුළුවන්, නමුත් අද අපි ඉතා ඕනෑකමින් කතානායකතුමාට කියා සිටිනවා. කථානායකතුමනි, ඔබතුමන්  ඊට අවසර දීල නැත්නම් එය ප්‍රතික්ෂේප කර විවාදය පටන් ගැනීමට මට අවසර දීමට ඉඩ දෙන්න .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – බොහොම නිහතමානීව මටත් ඉඩ දෙන්න ,අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතිහාසය කිසිම දවසක සිදු නොවුණු  දෙයක් මේ සිදු වෙන්නේ .

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා – ඔබතුමාට මං කරුණු පැහැදිලි කරලා දෙන්නම්, ඔබතුමන් නිහතමානීව ප්‍රකාශ කරනවා දැන් මේ ප්‍රශ්නය උසාවිය ඉදිරියේ තියෙන ප්‍රශ්නයක්, අපි අඩුම බලාපොරොත්තු වෙනව  16 වැනිදා තීන්දුවක් ලැබෙයි කියලා. එතකොට අපිට තවත් පාර්ලිමේන්තු සතියක් තියෙනවා මේ මාසේ තුළ. ඒ වගේම රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ තුන් මසක මන්ත්‍රීධූරය ඉවර වන කාලය නිමා වන්නේ  අප්‍රේල් මාස 6 වැනිදා, තවත් අපට වුවමනා නම් කාලය තිබෙනවා .එතුමාට වසර හතරක්  සුප්‍රීම් උසාවිය මගින් ඇපෑලකට ඉඩ නැතුව එතුමාට නඩු තීන්දුවක් දීලා තිබෙනවා .ඊළඟට එතුමා දැන් සිරකරුවෙක්. ඒක නඩු තීන්දුවෙ ඒ ආකාරයෙන්ම සඳහන් වෙනවා .

එතකොට එහෙම ඉන්න සිරකරුවෙක් පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳව නීතිමය ගැටලුවක් තිබෙනවා .ඔබතුමාලා හැම වෙලාවෙම මට චෝදනා කරනවා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා ගැන .ජයසේකර මන්ත්‍රීතුමා  අපේ රටේ තියෙන ඇප ආඥා පනත යටතේ එතුමා රිමාන්ඩ්  සිරකරුවෙක් .රිමාන්ඩ් සිරකරුවන් නිතර අපට වුවමනා වෙලාවට ගෙන්නන්න පුළුවන් .එයා දඬුවම් විඳින සිරකරුවෙක් බවට පත්වන්නේ නෑ .රිමාන්ඩ්  සිරකරුවෙක් තමයි අපි ගෙන්නුවේ .ඔබතුමන්ල දැනට දඬුවමක් විඳින සිරකරුවෙක් පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනවයි කියන එක බරපතළ ප්‍රශ්නයක් .ඒ ගැටුම පිළිබඳවයි අපේ ගැටලුව .ඒ සම්බන්ධයෙන් තමයි උසාවි ගිහිල්ලා තියෙන්නෙ. උසාවිය තීන්දුව දෙනකං ඉන්න.උසාවියෙන් තීන්දුව ගන්න .එතනින් මම මගේ උත්තරේ දුන්න.ඊට එතනින් එහාට මට දෙන්න උත්තරයක් නැත .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා– කතානායකතුමනි, මට අවස්ථාව දෙන්න කරුණාකරලා ,මේක මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාදයක්.

මන්ත්‍රීකම අහෝසි වීම සඳහා වැරදි කරුවෙක් බවට පත්වන්නට ඕනේ . ඒ වගේම, සිර දඬුවම  අවම වශයෙන් මාස  6ක කාල පරිච්ඡේදයක් තිබිය යුතුයි . ඒ වගේම සිර දඩුවම ලබාදෙන වරද නිර්දේශ කරන දඬුවම වසර දෙකකට නොඅඩු සිරදඬුවමක් විය යුතුයි. ඊළඟට අන්තිම කතාව මෙය වසර දෙකකට නොඅඩු සිර දඬුවමක් වන වරදක් .  මාස  6ක කාල පරිච්ඡේදයක් විය යුතු වරදක් ,මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී නොමැත,ඒ නිසයි අපි ඔබතුමාට කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා තීන්දු තීරණ ගත යුතුයි කියලා . එවගේම ඔබතුමා කිව්වා බැරිවෙලාවත් අප්‍රේල් 6 වෙන්න වෙනකොට තීන්දුවක් නොලැබුණොත් එතුමාගේ මන්ත්‍රීධූර අහෝසි වෙනවා කියලා ,බැරිවෙලාවත්  මේ කොරෝනා සමයේ මාර්තු මාසේ  හෝ අප්‍රේල් මාසේ ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරය මේ දෙකම අහෝසි වුනොත්, පාර්ලිමේන්තුව රැස් වන්නට බැරි වුනොත්  එතකොට මොකක්ද රංජන් රාමනායක මන්ත්‍රීතුමාට අත්පත් වන ඉරණම ?එක පැහැදිලි කරන්න .

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා – දැන් පොලිසිය භාර අමාත්‍යතුමාට විශේෂ ප්‍රකාශයක් කළා අලුත් තොරතුරු රාශියක් රටට දැනගන්නට ලැබුණා. පසුගිය  පාස්කු ප්‍රහාරය  නිසා 279ක් ජීවිතක්ෂයට පත්වුණා .මේ විවාදය ඉල්ලලා මේ විවාදය පටන් ගන්න තිබෙන වෙලාවේ ඔබතුමා දැන් තීරණයක් දුන්න ඉතා පැහැදිලිව විපක්ෂ විපක්ෂනායකතුමාගේ ගේන්න හදන යෝජනාවක් ගැන ,එය ඔබතුමා පිළිගන්නේ  නැති බව, ඒ පිළිබඳව තව තව  කොපමණ කරුණු කිව්වත් එයට වලංගු භාවයක් නැති බව ගෞරවනීය විපක්ෂනායක තුමාට කියාදෙන්නට උවමනයි . එනිසා මම ඉදිරියේ වැඩ කටයුතු දැන් ඉදිරිපත් කරනවා .

t

o

p