Foreign News

ඉරානයේ හමුදා මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

ඉරානයේ මධ්‍යය ප්‍රදේශයේ ඉස්ෆහාන් නගරයේ පිහිටි හමුදා කම්හලකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇත. ඉරාන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ සිය හමුදා මධ්‍යස්ථානයක එක් පිපිරීමක් සිදුව ඇති බවයි. ප්‍රහාරය සඳහා පැමිණි තවත් ඩ්‍රෝන යානා 2ක් සිය ගුවන් ආරක්ෂික පද්ධතිය මඟින් විනාශ කළ බවද ඉරානය ප්‍රකාශ කළා. ප්‍රහාරය පිටුපස සිටින පාර්ශවය කවුරුන්දැයි මෙතෙක් තහවුරු කර නැහැ. ප්‍රහාරය Read More

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් ලබන සතියේ දිවයිනට

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නියුලන්ඩ් මහත්මිය ලබන සතියේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය. අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ උප රාජ්‍ය ලේකම් නුලන්ඩ් මහත්මිය 2023 ජනවාරි 28 සිට පෙබරවාරි 3 වැනිදා දක්වා නේපාලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ කටාර් යන රටවල සංචාරය කරන බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය, මානව හිමිකම් Read More

මරණයට හෝ අත්අඩංගුවට පත්වීමට කිසිසේත් බය නැහැ – ඉම්රාන් ඛාන්

මරණයට හෝ අත්අඩංගුවට පත්වීමට තමන් කිසිසේත් බිය නොවන බව පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. තමන් මරණය ආසන්නයටම ගොස් පැමිණි පුද්ගලයෙකු බවද ඉම්රාන් ඛාන් පවසා තිබේ. තමන්ව අත්අඩංගුවට ගැනීමට හා නිහඬ කිරීමට උත්සාහයන් ක්‍රියාත්මක වූ බවද ඉම්රාන් ඛාන් පවසා සිටියි.

නවසීලන්තයට නව අගමැතිවරයෙක්

නවසීලන්තයට අද නව අග්‍රාමාත්‍යවරයෙකු තේරී පත්වී ඇත. ඒ, වත්මන් අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්. නව අග්‍රාමාත්‍යවරයා වන්නේ ද කම්කරු පක්ෂයේ නියෝජිතයෙකු වන අතර ඒ සඳහා යෝජනා වී ඇත්තේ නවසීලන්තයේ වත්මන් පොලිස් හා අධ්‍යාපන අමාත්‍යධූරය හොබවන ක්‍රිස් හිප්කින්ස්. මේවනවිට 44 වන වියේ පසුවන ක්‍රිස් හිප්කින්ස්, පළමුවරට පාර්ලිමේන්තුවට තේරී Read More

යුක්‍රේනයේ හෙලිකොප්ටර් අනතුරකින් අමාත්‍යවරයෙකු ඇතුළු 16ක් මරුට

යුක්‍රේනයේ කියුව් අගනුවර සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අදාළ අනතුරින් 16 දෙනෙකු පමණ මියගොස් ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වන බවය.

සුමාත්‍රා වෙරළ ආසන්නයේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 6.0 ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට වේලාවෙන් උදෑසන 6.30ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර භූ කම්පනයෙන් සිදුවු ජීවිත හානි හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව ද විදෙස් වාර්තා Read More

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන ජනපතිගේ දැඩි කනස්සල්ල

බ්‍රසීලයේදී ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ව්‍යවස්ථා විරෝධී ක්‍රම මඟින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරළා දැමීමේ කණ්ඩායම් විසින් සිදු කළ මෙවැනිම උත්සාහයන් ශ්‍රී ලංකාව ද මාස කිහිපයකට පෙර අත්විඳි බව සඳහන් කරන ජනාධිපතිවරයා එවැනි සතුරුකම් හෙළා දකින අතර, මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව බ්‍රසීලයේ Read More

ලූලා ද සිල්වාට එරෙහිව විරෝධතා මාලාවක් ආරම්භ වෙයි

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාට එරෙහිව විරෝධතා මාලාවක් ආරම්භ වී ඇත. ඒ, බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස තුන්වන වරටත් ඔහු දිවුරුම්දී සතියක කාලයක් ඉක්මවා යාමටත් පෙරයි. ඉකුත් ඔක්තෝම්බර් මාසයේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනාධිපති ජේ්ර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් එම විරෝධතාවලට එක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  මැතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්‍ෂේප කරන හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන් Read More

විලියම් කුමරුගෙන් හැරී කුමරුට ප්‍රහාරයක්

විලියම් කුමරු තමන්ට පහරදුන් බව හැරී කුමරු ස්වයං චරිතාපදානය වන ‘Spare’ හි සඳහන් කර ඇත. එහි සඳහන් කර ඇත්තේ හැරී කුමරුගේ බිරිඳ සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් කලකට පෙර තමන්ට වැඩිමල් සොහොයුරා වන විලියම් කුමරු පහරදුන් බවය.

ඇමසන් සමාගම සේවකයින් 18,000ක් සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කරයි

ලොව ප්‍රමුඛ සමාගමක් වන ඇමසන් සමාගම සේවකයින් 18,000ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. ඒ එම සමාගම සිය ඉතිහාසයේ එකවර වැඩිම සේවකයින් පිරිසක් ඉවත්කරන පළමු අවස්ථාව ලෙස දැක්වෙයි. ඇමසන් සමාගම පවසන්නේ වියදම් අඩු කරගැනීම සඳහා එම තීරණය ගත් බවය

t

o

p