සුමාත්‍රා වෙරළ ආසන්නයේ භූ කම්පනයක්

January 16, 2023

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ.

රිච්ටර් මාපකයේ ඒකක 6.0 ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට වේලාවෙන් උදෑසන 6.30ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර භූ කම්පනයෙන් සිදුවු ජීවිත හානි හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

t

o

p