ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනම තරඟ කිරීමට සූදානමක්

January 16, 2023

ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත් වූ කණ්ඩායම් විසින් පිහිටුවා ගත් නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත්ව පළාත් පාලන මැතිවරණයේ දී වෙනම තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් වන බව වාර්තා වේ.

නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට අවස්ථාව නොලැබීම හා එම සන්ධානයේ සාමාජිකත්වය දරණ ඇතැම් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පාක්‍ෂිකයන්ගෙන් එල්ල වී ඇති විරෝධය ආදී කරුණු සලකා බලා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී වෙනම තරඟ කිරීමට අවශ්‍ය වුවහොත් පක්‍ෂය ඒ සඳහා සූදානම් බව ද ගුණසිංහ මහතා පැවසීය.

t

o

p