ලූලා ද සිල්වාට එරෙහිව විරෝධතා මාලාවක් ආරම්භ වෙයි

January 9, 2023

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාට එරෙහිව විරෝධතා මාලාවක් ආරම්භ වී ඇත.

ඒ, බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස තුන්වන වරටත් ඔහු දිවුරුම්දී සතියක කාලයක් ඉක්මවා යාමටත් පෙරයි.

ඉකුත් ඔක්තෝම්බර් මාසයේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනාධිපති ජේ්ර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් එම විරෝධතාවලට එක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මැතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්‍ෂේප කරන හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන් බ්‍රසීල ජාතික කොංග්‍රස ගොඩනැගිල්ලට සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ඇතුළුවී එහි දේපළවලටද හානි සිදුකර තිබේ.

t

o

p