අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් ලබන සතියේ දිවයිනට

January 28, 2023

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නියුලන්ඩ් මහත්මිය ලබන සතියේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ උප රාජ්‍ය ලේකම් නුලන්ඩ් මහත්මිය 2023 ජනවාරි 28 සිට පෙබරවාරි 3 වැනිදා දක්වා නේපාලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ කටාර් යන රටවල සංචාරය කරන බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප‍්‍රතිසන්ධානය ප‍්‍රවර්ධනය කිරීමට දරණ ප‍්‍රයත්නයන් සඳහා අමෙරිකානු සහය ලබාදීම පිළිබඳ ඇය අවධානය යොමු කරනු ඇති බව සඳහන් කෙරේ.

ශ‍්‍රී ලංකාව සහ අමෙරිකාවේ සබඳතාවලට 75 වසරක් සැපිරීමද සනිටුහන් කරමින් ඇය මෙරට සංචාරය කරනු ඇත.

t

o

p