ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයට අයැදුම්පත් කැඳවීම ඇරඹේ

January 28, 2023

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා මෙම විභාගයෙන් ගුරවරුන් බඳවා ගන්නා බවයි.

මෙම විභාගය සඳහා වයස අවුරුදු 40ට අඩු උපාධිධාරින්ට අයැදුම් කළ හැකි බව අමාත්‍යාංශය සඳහන් කළේ ය.

අයැදුම්පත් භාරගැනීම ලබන මස 10 වැනිදා අවසන්වීමට නියමිතයි.

applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයැදුම්පත් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

t

o

p