බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන ජනපතිගේ දැඩි කනස්සල්ල

January 10, 2023

බ්‍රසීලයේදී ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ව්‍යවස්ථා විරෝධී ක්‍රම මඟින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරළා දැමීමේ කණ්ඩායම් විසින් සිදු කළ මෙවැනිම උත්සාහයන් ශ්‍රී ලංකාව ද මාස කිහිපයකට පෙර අත්විඳි බව සඳහන් කරන ජනාධිපතිවරයා එවැනි සතුරුකම් හෙළා දකින අතර, මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව බ්‍රසීලයේ ජනාධිපතිවරයා, රජය සහ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බවත් සඳහන් කරයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි ආයතන සියලු පුරවැසියන් විසින් විශ්වීය වශයෙන් ගෞරවයට පාත්‍ර කිරීම අත්‍යවශ්‍ය වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p