එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර තීරණාත්මක හමුවක්

January 10, 2023

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර තීරණාත්මක හමුවක් අද (10) පැවැත්වේ.

මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරීමත්, පොදු ලකුණක් යටතේ තරග කිරීම ඇතුළු කරුණු පිළිබඳව පොදු එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතව ඇති බව සඳහන් ය.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පසුගිය ඉරිදා ද සාකච්ජාවක් පැවැත්විය.

t

o

p