විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

January 10, 2023

විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ(09) අනුමැතිය ලැබුණු බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ පෙබරවාරි 15 වැනිදා වනවිට සමාලෝචනය කිරීමේ පදනම මත මේ අනුමැතිය ලබා දී ඇති බවය.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලියක් තමන්ට ලැබුණු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ය.

t

o

p