Foreign News

දකුණු තුර්කියේ මලටියා ප්‍රදේශයට රිච්ටර් මාපක 5.6ක භූ කම්පනයක්

දකුණු තුර්කියේ මලටියා ප්‍රදේශයේ රිච්ටර් මාපක 5.6ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව වා‍ර්ථා වෙයි. ඒ පසුගිය 6 වැනි දා රිච්ටර් මාපක 7.8 ක භූමිකම්පාව හේතුවෙන් එරට වැසියන් 48,000කට ආසන්න මරුමුවට පත් වී ඇති පසුබිමකයි. රටේ දකුණු ප්‍රදේශයේ රික්ටර් මාපක 5.6 ක ප්‍රබලත්වයක් දක්වමින් සිදු වූ මෙම කම්පනයෙන් තවත් ගොඩනැගිලි ගනනාවක් කඩා වැටී ඇති බවයි Read More

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එහි අගය රික්ටර් මාපකයේ 6.1ක් ලෙස දැක්වෙන බවය. ජපානයේ උතුරු හොකයිඩෝ දූපතේ නැගෙනහිර කොටසේ මෙම ප්‍රබල භූමිකම්පාව සිදුවෙමින් පවතින අතර වාහන ද සෙලවී ගිය බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

රුසියාව යුක්රේනයට පහර දී අදට වසරක් ගතවෙයි

රුසියාව – යුක්රේනයට පහර දී අදට (24) වසරක් සපිරෙයි. පහර දීම හෙළා දකිමින් සහ යුක්රේනයෙන් හමුදාව ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් නිව්යෝක් හී ජගත් මහ මණ්ඩලයේ දී ඊයේ යෝජනාවක් ද සම්මත කරගැනුනා. ඊට පක්ෂව ඡන්ද 141ක් ලැබුණු අතර රුසියාව ඇතුළු රටවල් 7ක් විරුද්ධව ඡන්ද ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල 32ක් ඡන්දය දීමෙන් වැළකීසිටි බවට විදෙස් Read More

ජපානයේ වෙරළකට ගෝලයක් ගොඩ ගසයි

ජපානයේ එන්ෂුහාමා වෙරළට ගොඩගසා ඇති විශාල ලෝහමය ගෝලයක් හේතුවෙන් එම ජනතාව විමතියට පත්ව ඇති බව විදෙස් වාර්තා කරයි. මීටර 1 දශම 5ක් පමණ පළල මෙම ගෝලය මතුපිට මළ බැදී ඇති බවයි ජපාන වාර්තා පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් එය කුමක් ද යන්න මෙතෙක් හදුනාගෙන නැහැ.

තුර්කියෙන් යළිත් මුදා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි

සිරියානු දේශසීමාවට ආසන්න දකුණු දිග තුර්කියේ හටායි ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ බලපෑ භූ කම්පනය හා ප්‍රබල පසුකම්පන තත්ත්වය හමුවේ විපතට පත් පිරිස් මුදා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. තුර්කි සහන සේවකයින් පවසන්නේ මීට සති 02 කට පමණ පෙර බලපෑ භූ කම්පනයෙන් බලපෑම් එල්ල වී තිබුණු ඇතැම් ගොඩනැගිලි ඊයේ රාත්‍රියේ බලපෑ භූ කම්පනය හමුවේ කඩා වැටී ඇති Read More

අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් යුක්රේනයට යයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සංචාරයක් සඳහා යුක්රේනයට පැමිණ ඇත. අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අවසන් මොහොත දක්වා අප්‍රසිද්ධියේ සැලසුම් කර තිබු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ. අමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේනයට පැමිණ ඇත්තේ රුසියාව විසින් සිය යුක්‍රේනය ආක්‍රමණය ආරම්භ කර පළමු වසර සම්පුර්ණ වීම සනිටුහන් වීමට ආසන්න වෙමින් පවතින අවස්ථාවකදීය. ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර හමුවක්ද පවත්වා Read More

මරණ 40000 සටහන් වීමෙන් පසු තුර්කි භූමිකම්පා මුදාගැනීමේ මෙහෙයුම නවතා දමයි

ප්‍රභල භූ කම්පනය හේතුවෙන් විනාශයට පත්වූ ප්‍රදේශවල සිදුකරන මුදාගැනීමේ මෙහෙයුම් අවසන් කිරීමට තුර්කිය සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසයි. එරට ආපදා සහ හදිසි කළමනාකරණ ජනාධිපති කාර්යාලය පැවසුවේ භූ කම්පනය සිදුවූ සති දෙකක් පමණ ගතවී ඇති බව හා බොහෝ පළාත්වල සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් වී ඇති බවයි. තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් Read More

චීනයෙන් නිවේදනයක්

තමන් කොවිඩ් -19 වසංගතය පරාජය කළ බව කොවිඩ් – 19 තිඹිරිගෙය වූ චීනය අද (17) නිවේදනය කළේය. ඒ, එරට කොවිඩ් – 19 හා සම්බන්ධ සංඛ්‍යාලේඛනවල නිරවද්‍යතාව පිළිබඳ පවතින ගැටලු සහගත බව මැදය. පසුගිය දෙසැම්බර් මාසයේ දී ද කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු එරට කොවිඩ් මරණ සහ රෝගීන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණි.

රටවල් රැසක ණය ඉල්ලීම් ගැන සලකා බැලෙන අයි එම් එෆ් සාකච්ඡාවක් සිකුරාදා

චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ ජී 7 කණ්ඩායමට අයත් රටවල නිලධාරීන් ලබන සිකුරාදා නව ස්වෛරී ණය වටමේස සාකච්ඡාවකට එක්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. එම සාකච්ඡාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ. දැනටමත් මූල්‍ය අර්බුදයකට මුහුණ දී ණය පහසුකම් අපේක්ෂා කරන ඉතියෝපියාව, Read More

තුර්කි-සිරියා භූ කම්පනය: මරණ ගණන 28,000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ රික්ටර් මාපක 7.8ක භූමිකම්පාවෙන් පුද්ගලයන් 28,000කට වැඩි පිරිසක් මිය ගොස් දස දහස් ගණනක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දුන්නේ, මේ වන විට ද ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව ය. තුර්කියේ ද සුන්බුන් අතර සිටින දිවි ගලවා ගත් අයව මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර එම සිදු Read More

t

o

p