අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් යුක්රේනයට යයි

February 21, 2023

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සංචාරයක් සඳහා යුක්රේනයට පැමිණ ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අවසන් මොහොත දක්වා අප්‍රසිද්ධියේ සැලසුම් කර තිබු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

අමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේනයට පැමිණ ඇත්තේ රුසියාව විසින් සිය යුක්‍රේනය ආක්‍රමණය ආරම්භ කර පළමු වසර සම්පුර්ණ වීම සනිටුහන් වීමට ආසන්න වෙමින් පවතින අවස්ථාවකදීය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර හමුවක්ද පවත්වා ඇති අතර එහිදී දිගු දුර මිසයිල ඇතුළු ආයුධ සම්බන්ධයෙන් අවදානය යොමු කර ඇත.

t

o

p