අධිවේගි මාර්ගවල ගාස්තු ඉහළ දැමීමට තීරණයක්

February 21, 2023

අධිවේගි මාර්ගවල අයකරන ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, නඩත්තු වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත්, ඉතා සුළු මට්ටමකින් ගාස්තු ඉහළ දැමීම සිදුකරන බවත් එම නිලධාරියා අනාවරණ කළේ ය.

ඔහු පැවසුවේ, නව ගාස්තු සංශෝධන මෙතෙක් සිදුකර අවසන් නොමැති බවයි.

t

o

p