තුර්කියෙන් යළිත් මුදා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි

February 21, 2023

සිරියානු දේශසීමාවට ආසන්න දකුණු දිග තුර්කියේ හටායි ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ බලපෑ භූ කම්පනය හා ප්‍රබල පසුකම්පන තත්ත්වය හමුවේ විපතට පත් පිරිස් මුදා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

තුර්කි සහන සේවකයින් පවසන්නේ මීට සති 02 කට පමණ පෙර බලපෑ භූ කම්පනයෙන් බලපෑම් එල්ල වී තිබුණු ඇතැම් ගොඩනැගිලි ඊයේ රාත්‍රියේ බලපෑ භූ කම්පනය හමුවේ කඩා වැටී ඇති බවයි.

කඩා වැටුණු ගොඩනැගිලි අතර සිරවී සිටින පිරිස් සොයා තුර්කියේ මෙන්ම සිරියාවේ ද මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින තත්ත්වය හමුවේ අවදානම් සහගත ගොඩනැගිලිවලට ඇතුළුවීමෙන් වළකින ලෙස තුර්කි බලධාරීන් භූ කම්පනයෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවල සිටින ජනතාවට දැනුම් දී තිබේ.

t

o

p