රටවල් රැසක ණය ඉල්ලීම් ගැන සලකා බැලෙන අයි එම් එෆ් සාකච්ඡාවක් සිකුරාදා

February 15, 2023

චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ ජී 7 කණ්ඩායමට අයත් රටවල නිලධාරීන් ලබන සිකුරාදා නව ස්වෛරී ණය වටමේස සාකච්ඡාවකට එක්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. එම සාකච්ඡාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

දැනටමත් මූල්‍ය අර්බුදයකට මුහුණ දී ණය පහසුකම් අපේක්ෂා කරන ඉතියෝපියාව, සැම්බියාව, ඝානාව මෙන්ම ශ්‍රී ලංකාව, සුරිනම් සහ ඉක්වදෝරය වැනි රටවල නිලධාරීන් ද එම වටමේස සාකච්ඡාවට සහභාගී වනු ඇති බව ද නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ඔවුන් ජී 20 රාමුව යටතේ ණය සහන ඉල්ලා ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.

t

o

p