ආදරවන්තයින්ගේ සංකේතය වන රෝස මල් කළඹක් රුපියල් 12,000යි

February 15, 2023

බොහෝ ආදරවන්තයින් එම ආදරයේ සංකේතය ලෙස යොදා ගන්නේ රෝස මල්.

වෙනත් වසරවලදී රෝසමල් අලෙවිය සුලබව දැකිය හැකි දසුනක් වුණත් රටේ උග්‍ර ආර්ථික අර්බුදය අදවන විට ඊට හරස්වී තිබෙනවා.

ආදරවන්ත හිත් එකතු කරන පෙම්වතුන්ගේ දිනයේදී ආදරණීය සැමරුමක් තමන්ගේ ආදරවන්තියට හෝ ආදරවන්තයාට ලබා දීම සම්ප්‍රදායක් වන තරමට අද ලෝකය වාණිජකරණය වෙලා.

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මෙරට බොහෝ නගරවල විශාල වශයෙන් මල් කළඹ අලෙවි කිරීමට සූදානම් කරන්නේ ආදරවන්තයින්ට සතුටක් ලබාදෙන අතරතුර තවත් පිරිසකට ඒ ඔස්සේ ජීවනෝපාය මාර්ගයක්ද සකස් කර දෙමින්.

එහෙත් මෙම වසරේදී එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ.

වෙළෙඳුන් පවසන්නේ රෝසමල්වල මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් තිබීම මීට හේතුව බවයි.

රෝස මල් 12කින් සමන්විත මල් කළඹක් අලෙවි කෙරුණේ රුපියල් 12,000කට මිලකටයි.

t

o

p