ICC ලැයිස්තුවේ පෙරළියක්

February 15, 2023

ක්‍රිකට් පිටියේ පෙරළිකාර කණ්ඩායමක් වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට අංක එකට පැමිණීමට සමත්ව තිබේ.

ඉන්දීය කණ්ඩායමට එක්දින ශ්‍රේණිගත කිරීම්වල හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 114කි.

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉන්දීය කණ්ඩායම හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 267කි.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉන්දීය කණ්ඩායම හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 115කි.

ICCයේ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ කණ්ඩායම බවට පත්වීමත් සමග ඉන්දීය කණ්ඩායමට මෙම සුවිශේෂී අවස්ථාව හිමිව ඇත.

ඒ අනුව මේ වනවිටත් එක්දින සහ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ කණ්ඩායම බවට පත්ව සිටි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලිනුත් අංක එකට පැමිණීමට සමත්ව ඇත.

t

o

p