තුර්කියට සහ සිරියාවට බලපෑ රික්ටර් මාපක 7.8ක භූමිකම්පාවෙන් පුද්ගලයන් 28,000කට වැඩි පිරිසක් මිය ගොස් දස දහස් ගණනක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා පෙන්වා දුන්නේ, මේ වන විට ද ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව ය.
තුර්කියේ ද සුන්බුන් අතර සිටින දිවි ගලවා ගත් අයව මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර එම සිදු වීම් අතර වේදනාකාරී කතා වාර්තා වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් වාර්තා කර තිබේ.