පළාත් ඡන්දයට බාධා කිරීම් විස්සක්

February 12, 2023

පළාත් පාලන මැතිවරණයට බාධා කිරීම් සම්බන්ධ සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි නිලධාරියෙකු සඳහන් කළේ, දේශපාලන අධිකාරිය සහ ඇතැම් කණ්ඩායම්වලින් එම බාධා කිරීම් වාර්තා වී ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය ආශ්‍රිතව මෙතෙක් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැත.

ඊට අදාළ පැමිණිලි භාරගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ ඒකකයක් ක්‍රියාත්මක වේ.

t

o

p