සිරිපාදෙ නගින අතර ගැබිණි මව දරුවෙකු ප්‍රසූත කරයි

February 12, 2023

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භවී ඇති බැවින් මේ වනවිට විශාල පිරිසක් ඒ වෙත පැමිණෙමින් සිටින අතරවාරයේ වන්දනාවේ පැමිණි ගැබිණි කාන්තාවක් ඉදිකටුපාන ප්‍රදේශයේ දී බිළිඳියන ප්‍රසූත කළ පුවතක් වාර්තා වෙයි.

වන්දනාවේ පැමිණි මෙම කාන්තාව ඇයගේ ප්‍රසූතය ඊයේ (11) රාත්‍රියේ දී සිදුකර ඇති අතර, එම නව බිළිඳිය ගැහැනු දරුවෙකු බවත් නල්ලතන්නිය පොලිසිය පවසයි.

දරු ප්‍රසුතිය සම්බන්ධයෙන් ඉදිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින් විසින් නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කිරිමෙන් පසු වහාම ක්‍රියාත්මක වු පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ සිරිපාද උඩ මළුවට භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ගේ සහ ඉදිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින්ගේ සහාය මත දරු ප්‍රසුතිය සිදු කළ කාන්තාව සහ සිඟිත්තිය ආධාරක ඇඳන් මතින් ආරක්ෂිතව නල්ලතන්නිය දක්වා රැගෙන එන ලෙසයි.

එම අතරතුර සුවසැරිය ගිලන් රථය නල්ලතන්නිය වෙත කැඳවා තිබු නල්ලතන්නිය පොලිසිය මව සහ දරුවා ගිලන් රථයට නංවා දික්ඔය මුලික රෝහලට යොමු කර තිබෙනවා.

දරු ප්‍රසුතිය සිදු කල මව සහ අලුත උපන් සිඟිත්තියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි දික් ඔය මූලික රෝහල සඳහන් කළේ.

t

o

p