අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සඳහා ප්‍රමුඛතාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තීරණයක්

February 12, 2023

රජයේ රෝහල්වල සිදුකරන ශල්‍යකර්ම වලදී අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව අනෙකුත් ශල්‍යකර්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ක්‍රමානුකූලව සිදුකිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

පවතින ඖෂධ හිගය හේතුවෙන් මෙම තීරණයට එළඹි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. මේ වනවිට රට තුළ හිගව පවතින ඖෂධ වලින් සියයට 75 කින් පමණ තවත් මාසයක පමණ කාලයක් ඇතුළත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

t

o

p