Lanka News Page

මත්පැන් හල් වැසීමක් ගැන දැනුම්දීමක්

ඔක්තෝබර් මස 03වැනිදා මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය ගෙන තිබේ. ඒ, ලෝක අමද්‍යප දිනය යෙදී තිබීම හේතුවෙන්. මේ අතර මද්‍යසාර හේතුවෙන් රෝගී වූවන් වෙනුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 237ක් වැය කරන බව ADIC ආයතනය සඳහන් කළා. ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්, ඔවුන් ප්‍රකාශ කළේ, මත්පැන් හේතුවෙන් වසරකට පුද්ගලයින් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් Read More

ජයසූරියගේ ධූර කාලය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියගේ ධූර කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමෙන් පසුවයි සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ලෙස තාවකාලිකව පත් කෙරුණි.

පෘථිවියට නව සඳක්

පෘතුවියේ ජනතාවට නව අභ්‍යවකාශ අත්දැකීමක් ලබා ගැනීමට ඊයේ (29)සිට අවස්ථාව උදා වෙයි. ඒ මීටර් 10ක විෂ්කම්භයකින් යුත් කුඩා සඳක් පෘතුවි ගුරුත්වාකර්ෂණයට හසුවී තාවකාලිකව කක්ෂගත වීම හේතුවෙන්. පෘතුවිය ආසන්නයේ ගමන් කරමින් පැවති 2024 පීට් ෆයිව් නැමැති ග්‍රහයා මෙලෙස තාවකාලිකව පෘතුවිය වටා භ්‍රමණවාර ආරම්භ කර තිබේ. පෘතුවි චන්ද්‍රයාට වඩා අතිශයින්ම කුඩා මෙම චන්ද්‍රයා අද (29) සිට නොවැම්බර් Read More

ශ්‍රී ලංකා රග්බි පොඩ්ඩෝ ආසියාවේ තුන් වැනියට

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු වයස 18න් පහළ සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමත් විය. තෙවන ස්ථානය සඳහා වූ තීරණාත්මක තරගයෙන් ඔවුන් විසින් සත්කාරක මැලේසියාව ලකුණු 17-14ක් ලෙස පරාජය කළේය. ඊයේ ආරම්භ වූ මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සාර්ථක ආරම්භයක් ලබාගත් අතර, එහිදී ඔවුන්ට තායිලන්තය (27-0) හා චීන තායිපේ (29-70 පහසුවෙන් පරාජය කිරීමට Read More

විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ කටුනායක ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර තිබේ. එහිදී තීරු බදු රහිතව අබුඩාබි සිට ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි 45,000ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 47ක් වන හුණු මුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ කටුනායක Read More

උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය කල් යයි

ලබන ඔක්තෝම්බර් 12 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ උසස් පෙළ, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය කල් දමා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම විභාගය ලබන ඔක්තෝම්බර් 13 වනදා පැවැත්වෙන බවයි.

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් 01 වැනිදා සිට

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දින නිවේදනය කර තිබේ. ඒ අනුව ඔක්තෝබර් 01 සිට 08 දක්වා අයදුම්පත් කැඳවන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායමක් ඇප තැන්පත් කරයි

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කරයි. ඒ අනුව, මෙවර මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ පළමු කණ්ඩායම මෙය වෙයි.

පාසල්වල මුදල් එක්රැස්කිරීම් පිළිබදව චක්‍රලේඛයක්

පාසල්වල සිදුකරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් සිදු නොකළ යුතු බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර විසින් දිවයිනේ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ලෝක ළමා දිනය, ගුරු දිනය ආදී විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් අමාත්‍යංශය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව පැවසෙයි. එවැනි සිදුවීම් හේතුවෙන් Read More

ශ්‍රී ලංකාව තවත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහනයක බලාපොරොත්තුවක්

ශ්‍රි ලංකාව හා නවසීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය නිමා වනවිට තවත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහනයක බලාපොරොත්තු ඇතිකර ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්ව සිටියි. ඊයේ දිනය නිමා වනවිට කඩුලු 2 ක් දැවි ලකුණු 22 ක් ලබාසිටි නවසීලන්ත පළමු ඉනිම ලකුණු 88 කට සීමා කිරිමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් අද දිනයේදි සමත් විය. එහි මුලිකත්වය Read More

t

o

p