ශ්‍රී ලංකාව තවත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහනයක බලාපොරොත්තුවක්

September 28, 2024

ශ්‍රි ලංකාව හා නවසීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය නිමා වනවිට තවත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහනයක බලාපොරොත්තු ඇතිකර ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්ව සිටියි.

ඊයේ දිනය නිමා වනවිට කඩුලු 2 ක් දැවි ලකුණු 22 ක් ලබාසිටි නවසීලන්ත පළමු ඉනිම ලකුණු 88 කට සීමා කිරිමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් අද දිනයේදි සමත් විය.

එහි මුලිකත්වය ගත් ප්‍රභාත් ජයසූරිය කඩුලු 6 ක් බිද හෙලුවේ ලකුණු 42 ක් පමණක් ලබා දෙමින්.මෙම තරගයේදි ටෙස්ට් වරම් හිමිකරගත් නිශාන් පීරිස් ලකුණු 33 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

මෙහිදි නායක ධනංජය ද සිල්වා උඩ පන්දු 5 ක් රැකගත් අතර එයද ඉනිමකදි සාමාන්‍ය පන්දු රකින්නෙකු ලබාගත් වැඩිම උඩ පන්දු සංඛ්‍යාවට සම කිරිමක්.

ශ්‍රි ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 602 ක් රැස්කර ගන්නාලදි.ඉනිමක පරාජයෙන් බේරීමට නවසීලන්තය තවත් ලකුණු 315 ක් රැස්කරගත යුතුව තිබේ.

තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගයේ ජය හිමිකරගත්තේද ශ්‍රි ලංකාවයි.

t

o

p