Lanka News Page

රජයේ විධායක නිලධාරින්ගේ මාසික දීමනාව රු. 10,000 කින් ඉහළට

අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ නංවා ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.ඒ අනුව රුපියල් 15,000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000 ක් දක්වා ඉහළ යනු ඇති. ඊට අදාළ චක්‍රලේඛය ද පසුගියදා නිකුත් කෙරිණ.

ආර් සම්පන්දන් දිවියෙන් සමුගනී

හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(30) රාත්‍රීයේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. 1933 පෙබරවාරි මස 05 වන දින උපත ලද ආර්. සම්පන්දන් මහතා මිය යන විට 91 හැවිරිදි වියේ පසු වුණි.ආර්.සම්පන්දන් මහතා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ Read More

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් සංවිධාන කරනු ලබන ‘‘ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය‘‘ හෙට (01)ඇරඹේ

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් සංවිධාන කරනු ලබන ‘‘ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය‘‘ හෙට (01) ආරම්භ කෙරේ. ඒ අනුව එම සේවා සම්බන්ධතාව ජූලි මස (31) වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර ශ්‍රී ලංකා පුරා විසිරී සිටින 110000කට අධික බාලදක්ෂ බාලක බාලිකාවන් මෙම කාලය තුළ බාලදක්ෂ සේවාවන් වල නිරත වෙති. ඕනෑම අභියෝගයකට බාලදක්ෂයන් මුහුණ දෙන බවට Read More

ලෝකයේ බලවත්ම බළලා ගැන දන්නවද

තමන්ටම පැවරුණු නිශ්චිත රාජකාරියක් , නිල සමාජ මාධ්‍ය ගිණුමක් වගේම දේශපාලනයට සෘජු සම්බන්ධතා පවත්වනබලවත්ම බළලෙක් ගැන අහලා තියෙනවද? මොන පක්ෂයකට බලය ගියත් අවුරුදු 14ක් පුරාවට එක්සත් රාජධානි දේශපාලන ඉතිහාසයේ ස්ථාවර චරිතය බළලෙක් කිව්වොත් විස්වාස කරන්න පුළුවන්ද ? අගමැති නිල නිවසේ සිටින ලැරී නම් බළලා බ්‍රිතාන්‍යයේ 6 වැනි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තෙක් බලා ඉන්නවා කියලා එරට මාධ්‍ය Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහතට

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ත මහතා සඳහන් කළේ අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධන ජාතික ප්‍රතිපත්තියට අනුකූලව බස් ගාස්තු මිල සංශෝධනය කිරීමට කටයුතු කරනා බවයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට 5.27% ප්‍රමාණයකින් බස් ගාස්තු මිල පහත දමනා බවත්, වර්තමානයේ රුපියල් 30ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 28ක් Read More

තල් මණ්ඩලය රුපියල් මිලියන 65ක වාර්තාගත ආදායමක් ලබයි

පසුගිය වර්ෂයේ(2023) තල් සංවර්ධන මණ්ඩලය රුපියල් මිලියන 65.167ක වාර්තාගත දේශීය අලෙවි අදායමක්උපයා ඇත. තල් සංවර්ධන මණ්ඩලය 2022 වර්ෂයේදී උපයා ඇති දේශීය අලෙවි අදායම මිලියන 50.05ක් වන අතර 2022 වර්ෂයට සමගාමීව 2023 වර්ෂයේ දේශීය අලෙවි අදායමේ වර්ධනය මිලියන 15කි. 2020 වර්ෂයේ දේශීය අලෙවි අදායම මිලියන 30.28ක් වන අතර 2021 වර්ෂයේ දේශීය අලෙවි අදායම මිලියන 33.33කි. මෙයින් Read More

ඉන්දියාව 20යි 20 ලෝක ශූරයින් වෙයි

ඉන්දීය කණ්ඩායම මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම සමත් විය. ඒ දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 7කින් ජය ගනිමිනි. බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහර දීමටයි. තරගාවලිය පුරා අසාර්තක පිතිකරුවෙක් වූ විරාත් කෝලි අවසන් Read More

ආර්ථිකය ස්ථාවර නොකළේ නම් ලංකාව අද කෙන්යාවක් – ජනපති කියයි

තමන් රට භාරගෙන ආර්ථිකය ස්ථාවර නොකළේ නම්, ශ්‍රී ලංකාව අද කෙන්යාවක් බවට පත්වී අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල සඳහා එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණි. එහිදී පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ Read More

කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට වැව් 07ක ප්‍රතිසංස්කරණ ඇරඹෙයි

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මඟින් වව්නියාව දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන වැව් හතක ප්‍රතිසංස්කරණ කටයුතු ඉකුත්දා ආරම්භ විය. ඒ අනුව වව්නියාව, ආසිකුලම් හි ඉලුප්පායිකුලම් වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතාගේ සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ ගයාන් මල්ලවතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. මීට අමතරව Read More

Miss Teen 2024 තරගාවලිය නියෝජනය කරන ලංකාවේ සුරලි

ඉන්දියාවේ පැවැත්වෙන ‘Miss Teen International 2024 තරගාවලිය’ සඳහා රටවල් 50 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුරලි රණසිංහ අද (29) උදෑසන ඉන්දියාව බලා කටුනායක ගුවන් තොටුපළින් පිටත් විය. මෙවර එහි කිරුළු දිනාගැනීම ඇයගේ ප්‍රධාන අරමුණය. මෙම තරගයේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්ෂක සහ ඇයගේ පුහුණුකරු, රුක්මාල් සේනානායක පවසන්නේ එහි පැමිණෙන තරගකරුවන් සමග උරෙන් Read More

t

o

p