ආර්ථිකය ස්ථාවර නොකළේ නම් ලංකාව අද කෙන්යාවක් – ජනපති කියයි

June 29, 2024

තමන් රට භාරගෙන ආර්ථිකය ස්ථාවර නොකළේ නම්, ශ්‍රී ලංකාව අද කෙන්යාවක් බවට පත්වී අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල සඳහා එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණි.

එහිදී පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ දේශගුණික විපර්යාස වැළැක්වීම සඳහා ප්‍රශස්ත දායකත්වයක් දැක්වූ පිරිස වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ,

“අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල් ගණනාවක් ණය වී සිටිනවා. ඔවුන් ණය සහන ඉල්ලා තිබෙනවා. අසියාවේ ණය සහන ඉල්ලීමට මම සහාය ලබා දුන්නේ නැහැ. ලංකාවේ ණය ප්‍රශ්නය අපට විසදාගත හැකි බව මම පෙන්වා දුන්නා. නමුත් අප්‍රිකාවේ අඩු ආදායම්ලාභී රටවල ණය සහන සම්පුර්ණයෙන් අහෝසි කරන ලෙස ඉල්ලා සිටියා.”

“දැන් ආර්ථික පරිවර්තන නීතිය සම්මත කර ගනිමින් අප එම ගමන යා යුතුයි. ඒ වගේම මේ දිනවල කෙන්යාවේ තිබෙන කෝලහාල අප දුටුවා. රටක ආර්ථිකය සකස් කළේ නැත්නම් මතුවන තත්ත්වය මෙයයි. ලංකාවේ මෙම ආර්ථික ස්ථාවරත්වය ඇති කළේ නැත්නම් අපටත් ඒ තත්ත්වයට මුහුණ දීමට සිදු වෙනවා.”

t

o

p