ඉන්දියාව 20යි 20 ලෝක ශූරයින් වෙයි

June 30, 2024

ඉන්දීය කණ්ඩායම මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම සමත් විය.

ඒ දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 7කින් ජය ගනිමිනි.

බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

තරගාවලිය පුරා අසාර්තක පිතිකරුවෙක් වූ විරාත් කෝලි අවසන් මහා තරගයේදී පන්දු 59කින් ලකුණු 76ක් රැස් කළේ ඉන්දීය ජයග්‍රහනයේ කොඳු නාරටිය බවට පත්වෙමින්.

කේෂව් මහරාජ් සහ අන්රියාහ් නෝකියා කඩුලු 2 බැගින් දවාගත්හ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 176ක්.

දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හෙන්රිච් ක්ලාසන් ලකුණු 52ක් රැස් කළද, ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.

හර්දික් පාන්ඩ්‍යා කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 20ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 169ක් පමණයි.

දෙවැනි වරටත් පන්දුවාර 20යි 20 ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම හැකිවිය.

t

o

p