රජයේ විධායක නිලධාරින්ගේ මාසික දීමනාව රු. 10,000 කින් ඉහළට

July 1, 2024

අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ නංවා ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව රුපියල් 15,000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000 ක් දක්වා ඉහළ යනු ඇති.

ඊට අදාළ චක්‍රලේඛය ද පසුගියදා නිකුත් කෙරිණ.

t

o

p