Lanka News Page

ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදනයක්

අරාබි හා බෙංගාලබොක්ක මුහුදු තීරවල ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින්නන්ට වහා ගොඩබිමට පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම මුහුදු තීර සදහා රතු නිවේදනයක් ද නිකුත් කිරීමටයි එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

කීරි සම්බා වී වග‌ා ව්‍යාපෘතියේ අස්වනු නෙළීම අරඹයි

වී අලෙවි මණ්ඩලය මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියාමන ව්‍යාපෘතියක් වශයෙන් කුඹුරු අක්කර 500ක ආරම්භ කළ කීරි සම්බා වී වග‌ා ව්‍යාපෘතියේ අස්වනු නෙළීම අගුණකොළපැලැස්ස අලුත්වැව කුඹුරුයායේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ විය. මෙම අක්කර 500හි සමස්ත වී අස්වැන්න වී අලෙවි මණ්ඩලය මඟින් මිල දී ගැනීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට කළ කාර්යයන් අසාමාන්‍යයයි – ඕස්ට්‍රේලියා හිටපු අගමැති

ආර්ථික අර්බුදයෙන් පසු ගෙවී ගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව නැවත ස්ථාවරභාවයක් ගෙන ඒම සඳහා කරනු ලබන කාර්යය සැබවින්ම අසාමාන්‍යය බව ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පැවසීය. ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්, තානාපතිවරුන් අතර සුහද හමුවක් පසුගියදා කොළඹ ITC රත්නදීප හෝටලයේදී පැවති අවස්ථාවේදීය. ෆෙයාර්ෆීල්ඩ් ලෝයර්ස්හි Read More

බිත්තර ආනයනයට යළිත් අවධානය

බිත්තර ආනයනය කෙරෙහි යළි අවධානය යොමුව ඇති බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි. මෙරට බිත්තර නිෂ්පාදකයින් විසින් දිගින් දිගටම බිත්තර මිල ඉහළ අගයක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එම පියවර ගැනීමට නියමිත බව සදහන් වේ. ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් හෙට (22) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. මෙලෙස බිත්තර මිල නොවෙනස්ව ඉහළ මිලක් පවත්වාගෙන යාම Read More

අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 4.2ක්

වැඩ වර්ජනයක නිරතව සිටි අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 4.2ක් වෙන් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළේ, ඔවුන්ගේ වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දීමට ජනාධිපතිතුමා මැදිහත් වූ බවයි. විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පසුගිය දිනවල දින 75ක අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත විය. මේ හේතුවෙන් Read More

පොහොට්ටුවේ අපේක්ෂයා රටේ සම්පත් විකුණන්නෙ නැති කෙනෙක් – නාමල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක  ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  නාමල් රාජපක්ෂ මහතා පැවසීය. එසේම තමාද පක්ෂයට  එවැන්නක් දැනුම්දී නැතැයි ඔහු කීවේය. ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ Read More

භාණ්ඩ කිහි­ප­යක මිල පහළ දැමී­මට ලංකා සතොස ආයත­නය පිය­වර ගනියි

අත්‍ය­වශ්‍ය භාණ්ඩ කිහි­ප­යක මිල පහළ දැමී­මට ලංකා සතොස ආයත­නය පිය­වර ගෙන තිබේ. රට පුරා පිහිටා ඇති සතොස අලෙවි ජාල මඟින් ඊයේ (19) සිට මේ භාණ්ඩ ලබා ගැනී­මට හැකි බව වෙළෙඳ අමා­ත්‍යාං­ශය පැවැ­සීය. ඒ අනුව රුපි­යල් 1,500ට පැවැති උඳු පිටි කිලෝව රුපි­යල් 100කින්ද, රුපි­යල් 950ට පැවැති සතොස කිරි­පිටි පැක­ට්ටුව රු. 40කින්ද, රුපි­යල් 190ට තිබූ පාන් පිටි Read More

අපේ ජාතික සම්පත තරුණ පර­පුර මිස පාඩු ලබන රාජ්‍ය ව්‍යව­සාය නොවේ

මෙරට ජාතික සම්පත තරුණ පර­පුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යව­සාය නොවන බවත්, පාඩු ලබන රාජ්‍ය ආය­තන ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණ­යෙන් රටට ඉතිරි වන මුද­ලින් ඉදි­රි­යේදී අධ්‍යා­ප­නය සහ සෞඛ්‍යය වෙනු­වෙන් වැඩි මුද­ලක් වෙන් කිරී­මට හැකි­යාව ලැබෙන බවත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පව­සයි. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව අව­ධා­ර­ණය කළේ ගාල්ල, වල­හ­න්දූව ප්‍රදේ­ශයේ අභි­න­ව­යෙන් ඉදි කළ රුහුණ විශ්ව­වි­ද්‍යා­ල­යට අනු­බද්ධ සම සෞඛ්‍ය විද්‍යා Read More

Lubricants සහ Automotive Fluids පිළිබඳ දැනුම බෙදාදෙන වැඩසටහනක්

Totachi Japan, GS Lubricants සහ සමස්ත ලංකා වාහන සේවා ස්ථාන හිමියන්ගේ සංගමය (AISSOA) එක්ව සංවිධාන කළ වැඩසටහනක් පසුගියදා කොළඹදී පැවැත්විණි. මෙහිදී Lubricants ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු සහ එහි නව ප්‍රවණතාද ක්ෂේත්‍රයේ ඉදිරි අභියෝග පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය.Totachi Industrial Co. Ltd යනු High Quality Lubricants, එනම්, Engine Oils, Gear. Oils, Coolants, automotive fluids සහ අනිකුත් නිෂ්පාදන Read More

ඇසළ පුර පසළොස්වක පෝය අදයි

බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක‍්‍රමණය, ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්මචක්ක පවත්තන සූත‍්‍රය” දේශනා කිරීම යන කරුණු නිසා ඇසළ පොහෝ දිනය ලංකාවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් වේ. රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහර පෑම, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ Read More

t

o

p