අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 4.2ක්

July 21, 2024

වැඩ වර්ජනයක නිරතව සිටි අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 4.2ක් වෙන් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළේ, ඔවුන්ගේ වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දීමට ජනාධිපතිතුමා මැදිහත් වූ බවයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පසුගිය දිනවල දින 75ක අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත විය.

මේ හේතුවෙන් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල කටයුතු වලට එල්ල වුණේ දැඩි බලපෑම්ය.

t

o

p