පොහොට්ටුවේ අපේක්ෂයා රටේ සම්පත් විකුණන්නෙ නැති කෙනෙක් – නාමල්

July 21, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක  ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එසේම තමාද පක්ෂයට  එවැන්නක් දැනුම්දී නැතැයි ඔහු කීවේය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මාධ්‍ය කළ විමසුමකදීය.

t

o

p