කීරි සම්බා වී වග‌ා ව්‍යාපෘතියේ අස්වනු නෙළීම අරඹයි

July 22, 2024

වී අලෙවි මණ්ඩලය මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියාමන ව්‍යාපෘතියක් වශයෙන් කුඹුරු අක්කර 500ක ආරම්භ කළ කීරි සම්බා වී වග‌ා ව්‍යාපෘතියේ අස්වනු නෙළීම අගුණකොළපැලැස්ස අලුත්වැව කුඹුරුයායේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

මෙම අක්කර 500හි සමස්ත වී අස්වැන්න වී අලෙවි මණ්ඩලය මඟින් මිල දී ගැනීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දී තිබේ. ඒ අනුව කීරි සම්බා සඳහා රජයේ මිල වන රුපියල් 130ක මිල යටතේ මෙම වී තොග මිල දී ගැනීම ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිතය.

t

o

p