Lubricants සහ Automotive Fluids පිළිබඳ දැනුම බෙදාදෙන වැඩසටහනක්

July 20, 2024

Totachi Japan, GS Lubricants සහ සමස්ත ලංකා වාහන සේවා ස්ථාන හිමියන්ගේ සංගමය (AISSOA) එක්ව සංවිධාන කළ වැඩසටහනක් පසුගියදා කොළඹදී පැවැත්විණි.

මෙහිදී Lubricants ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු සහ එහි නව ප්‍රවණතාද ක්ෂේත්‍රයේ ඉදිරි අභියෝග පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය.
Totachi Industrial Co. Ltd යනු High Quality Lubricants, එනම්, Engine Oils, Gear. Oils, Coolants, automotive fluids සහ අනිකුත් නිෂ්පාදන වන ෆිල්ටර් වර්ග, බ්‍රේක් පෑඩ්ස්, වයිපර් බ්ලේඩ්ස් සහ බැටරි නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධියක් උසුලන සමාගමක් වන අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 50කට වැඩි ප්‍රමාණයකට නිෂ්පාදන බෙදාහරින සමාගමක්ද වේ. මෙම නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් නියෝජිත ලෙස GS Lubricants සමාගම කටයුතු කරයි.

‘ලිහිසි තෙල් ක්ෂේත්‍රයේ නව්‍යකරණය තුළින් තිරසර ව්‍යාපාර දියුණුව සඳහා’ යන්න වැඩසටහනේ මාතෘකාව වූ අතර මෙමඟින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව සබඳතා ඇති කරගැනීමට සහ ප්‍රවර්ධනයට අවකාශ සැලසුණි. වැඩසටහනේ මූලික අරමුණ වූයේ Totachi Lubricants හි නිෂ්පාදන ඇසුරින් Lubricants ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තත්ත්ව සහතිකකරණය සහ විශේෂීකරණය පිළිබඳ දැනුවත් කිරීම සහ ලිහිසි තෙල් ක්‍ෂේත්‍රයේ නියාමන කටයුතු සිදුකරන රාජ්‍ය ආයතන සමග සේවා ස්ථාන හිමියන් දැනුවත් කිරීමයි.

වැඩසටහනේ පිළිගැනීමේ කතාව සිදු කරනු ලැබුවේ GS Lubricants ප්‍රධාන විධායක නිලධාරි ප්‍රියන්ත පෙරේරා මහතා විසිනි. එහිදී වැඩසටහනේ මූලික අරමුණු සනිටුහන් කළ අතර මූලික අදහස් දැක්වීමේදී රාජ්‍ය ආයතන පෙරදැරිව ක්‍ෂේත්‍රයේ නියාමන කටයුතු සහ අනාගත අභියෝග ගැන දැනුවත් කිරීම සඳහා සියලු සාමාජිකයන් එක්රැස් කිරීම ගැන සමස්ත ලංකා වාහන සේවා ස්ථාන හිමියන්ගේ සංගමයේ සභාපති පවර දසනායක මහතා අදහස් ප්‍රකාශ කරන ලදී.

මහජන උපයෝගීතා කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තනුජ් විජෙසූරිය මහතා නවතම සහතිකකරණයෙන් යුතු ලිහිසි තෙල් වර්ග රථ වාහන සඳහා භාවිතා කිරීම පරිසරයට මෙන්ම රථ වාහන සඳහා කෙතෙක් දුරට බලපානවාද යන්න පිළිබඳව අදහස් දැක්වූ අතර සහ පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ (වෙළෙඳ ප්‍රවර්ධන සහ තරගකාරි) සමන්තා කරුණාරත්න මහත්මිය ක්‍ෂේත්‍රයේ සිදුවන ව්‍යාජ ලිහිසි තෙල් භාවිතය සහ ඒවා භාවිතා කිරීම වැළැක්වීම පිළිබඳව සිය දේශනයේදී දැනුවත් කළාය.

ජපානයේ Totachi Lubricants සමාගමේ නිෂ්පාදන කළමනාකාරිනී ඉවැන්ජලින් රමෝස් මහත්මිය විසින් Totachi නිෂ්පාදන පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර එය නිෂ්පාදන පිළිබඳ පැමිණ සිටි පිරිසගේ දැනුවත්භාවය වැඩි කරන්නට එය ඉවහල් විය.
අනතුරුව පැවති විද්වත් කතිකාවතට මහජන උපයෝගිතා කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනුජ විජෙසූරිය, පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් චෙලක හේරත්, සමස්ත ලංකා වාහන සේවා ස්ථාන හිමියන්ගේ සංගමයේ සභාපති පවර දසනායක සහ එහි ලේකම් නිශාන්ත අමරසේන, GS Lubricants Ltd සභාපති සුනිල් වෙත්තසිංහ, GS Lubricants ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත පෙරේරා යන මහත්වරු සහ Totachi Industrial නිෂ්පාදන කළමනාකාරිනි ඉවැන්ජලින් රමෝස් මහත්මිය සම්බන්ධ විය.

API)ILSAC/ACEA & JASO යන Lubricants ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තත්ත්ව සහිකකරණය පිළිබඳ සුවිශේෂී තොරතුරු සහ එහි වැදගත්කම පිළිබඳ කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර Totachi එන්ජින් ඔයිල්, ගියර් ඔයිල්, කූලන්ට් සහ අනෙකුත් Fluids වල ඇති විශේෂත්වයද මෙහිදී පෙන්වා දෙනු ලැබීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපොලේ වත්මන් වර්ධනය සහ විවිධ මාර්ග ඔස්සේ වෙළඳපොළට පැමිණෙන ව්‍යාජ නිෂ්පාදන සහ ඒවා කර්මාන්තයට ඇති කරන බලපෑම පිළිබඳවද ඔවුහු මෙහිදී සාකච්ඡා කළහ.

ඉදිරියේදී Lubricants ක්ෂේත්‍රයට හඳුන්වා දීමට නියමිත නව ජාත්‍යන්තර තත්ත්ව සහතික කිරීම පිළිබඳ සමස්ත ලංකා වාහන සේවා ස්ථාන හිමියන් දැනුවත් කිරීමද මෙහිදී සිදු වූ අතර නව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අදාළව Totachi Industrial විසින් සිදු කෙරෙන නව පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාකාරකම්ද ප්‍රදර්ශනය කෙරිණි.

t

o

p