Lanka News Page

බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි. එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වනු පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ තීරණය

මෙවර ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් නොකර ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් අයකුට සහාය දෙන බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පසු ගිය සිකුරාදා අනාවරණ කළේය.ඒ අනුව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද කිලිනොච්චියේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් සඳහන් කළේ සිය පක්ෂය සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධ අවසන් තීන්දුව එළඹෙන අගෝස්තු මස 10 හෝ 11 Read More

ලබන 31 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 31 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහිදී රුපියල් මිලියන 170,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු Read More

වැඩිකළ වතු කම්කරු වැටුප ගෙවන්න වතු සමාගම් 10ක් එකඟයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමට වතු සමාගම් 10ක් එකඟවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය ආරම්භ කර වසර 18ක් සපිරීම නිමිත්තෙන් නාවලපිටිය නගරයේ පැවති වැඩසටහනකදීයි ඒ මහතා මේ බව කියා සිටියි.

විදේශ ප්‍රේෂණ ඉහළට

විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන තුන්දහස් එකසිය හතලිස්හතරක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙරට ශ්‍රමිකයින්, විදේශ රැකියාවලට යොමු කිරීම සදහා රජයෙන් විශාල සහායක් ලැබෙන බව විදේශ රැකියා නියෝජිතවරුන් පවසයි. 2023 වසරේ ජනවාරි මාසයේ දී ඇමෙරිකා ඩොලර් මිලියන 437යි දශම 5ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබු අතර එය Read More

අගෝස්තු මාසයේ දී වාහන ආනයනය ට අවසර

වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

මංගල ආසියානු කුසලානයක් ගත්ත අපේ ශූරියන්

2024 කාන්තා ආසියානු කුසලාන ශූරියන් බවට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.අද (28) ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති අවසන් තරගයෙන් කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇති බව වාර්තා Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට පාසල් මෙහෙයවන්න අධ්‍යාපන ඇමති සැරසෙයි

ඉදිරි මාස කීහිපයේ දී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එක ම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ සඳහා චීන රජයෙන් ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් ලැබෙන බවයි අමාත්‍යවරයා මෙහි දී සඳහන් කරයි. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා Read More

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව

ජනාධිපතිවරණයේදී  නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, නියමිත ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය දීමට නොහැකිවීම පිළිබඳ සාධාරණ බියක් පවතින විට වෙනත් මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස එලෙස ඉල්ලුම් කළ හැකි බවයි. Read More

ඔලිම්පික් උළෙලේ පළමු දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව පෙරමුණේ

ඊයේ ආරම්භ වූ 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු දිනය නිමාවන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටියි. තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (27) දිනයේ දී ඕස්ට්‍රේලියා රන් පදක්කම් 03ක් සහ රිදී පදක්කම් 02ක් සමඟ සමස්ත පදක්කම් 05ක් දිනාගන්නා ලදි. ඊයේ දිනයේ දී රන් පදක්කම් 02ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනාගෙන චීනය දෙවන ස්ථානයේ රැඳී Read More

t

o

p