විදේශ ප්‍රේෂණ ඉහළට

July 29, 2024

විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන තුන්දහස් එකසිය හතලිස්හතරක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙරට ශ්‍රමිකයින්, විදේශ රැකියාවලට යොමු කිරීම සදහා රජයෙන් විශාල සහායක් ලැබෙන බව විදේශ රැකියා නියෝජිතවරුන් පවසයි.

2023 වසරේ ජනවාරි මාසයේ දී ඇමෙරිකා ඩොලර් මිලියන 437යි දශම 5ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබු අතර එය මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. පසුගිය ජූනි මාසය සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 519යි දශම 6 විදේශ ප්‍රේ ෂණ මෙරටට ලැබුණු අතර ඒ අනුව මේ වසරේ ජූලි මාසය දක්වා ලැබු සමස්ත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 3144ක්.

මෙරටට ලැබෙන සමස්ත ඇමෙරිකානු ඩොලර් ආදායමෙන් 28.9%ක් විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයන්ගෙන් ලැබීම ද විශේෂත්වයක්.මෙරට ශ්‍රමිකයින් විදෙස් ගත කර වීම සදහා රජයේ විශාල සහායක් ලැබෙන බව විදේශ රැකියා නියෝජිතවරුන් පවසයි.

t

o

p