ප්‍රදේශ තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්

October 15, 2019

බදුල්ල දිස්ත්‍රික්කයට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාවත් සමග හල්දුම්මුල්ල, ඇල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉදිරි පැය කිහිපය තුල දිවයිනේ බස්නාහිර , සබරගමුව , මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථාන වල මිලිමීටර් 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

t

o

p