අණ නොතකා ධාවනය කළ ජීප් රථයකට වෙඩි

October 15, 2019

පොලිස් අණ නොතකා ධාවනය කල සුරාබදු නිලධාරීන් පිරිසක් ගමන්ගත් ජීප් රථයකට කිලිනොච්චිය අරවියල් නගර් ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තබා ඇත. 

සුරාබදු ඒකකයට තොරතුරු සපයන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව පොලිසිය අදාළ ජීප් රථය නවත්වන ලෙස අණ කර ඇතත් එය නොනවත්වා ධාවනය කළ නිසා මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

t

o

p