ගෝඨාභයට සහය දෙන්නේ ප්‍රතිපත්ති නිසයි

October 14, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් ප්‍රගතිශීලී සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන බැවින් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශකර සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්‍ෂා කිරීමට තමන් හදවතින්ම බැඳී සිටින බවත් එම ප්‍රතිපත්ති පාවා නොදෙමින් ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීරණය කෙරුණු බවත් වැඩිදුරටත් සඳහන් වේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට හාත්පසින්ම වෙනස් බැවින් එයට සහය දිය නොහැකි බව සඳහන් කර ඇති මහලේකම්වරයා පක්ෂය වර්තමානයේ ඇද වැටී තිබෙන තත්ත්වයට ප්‍රධාන හේතුව එක්සත් ජාතික පක්ෂය සමඟ සභාග ආණ්ඩුවකට පිවිසීම බව ද දක්වා තිබේ.

t

o

p