Local News

කොළඹ නිවාස ගැටළුවට දින 60න් විසඳුම්

කොළඹ නාගරික නිවාස ගැටලුව විසඳීම සඳහා කැබිනට් අනුමැතියෙන් රජයේ අමාත්‍යාංශ හා ආයතන කිහිපයකින් සැදුම්ලත් විශේෂ කමිටුවක් පත්කර එමගින් දින 60ක් ඇතුළත මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. කොළඹ කොම්පඤ්ඤ වීදිය, මැලේ වීදිය හා ජාවා පෙදෙස නිවාසලාභීන්ගේ ගැටලු පිළිබඳ වත්මන් රජයේ සුවිශේෂ අවධානය යොමු Read More

ක්‍ෂය රෝගීන් හා ලාදුරු රෝගීන් වැඩිම බස්‌නාහිර

අප රටේ ක්‍ෂය රෝගීන්ගෙන් 49% ක්‌ හා ලාදුරු රෝගීන්ගෙන් 41% ක්‌ ද සිටිනුයේ බස්‌නාහිර පළාතේ යෑයි බස්‌නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීප්ති පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය. ඒ මහත්මිය එසේ ප්‍රකාශ කළේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පැවැති විශේෂ වැඩමුළුවකදීය. ඊට අමතරව ඩෙංගු රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක්‌ හා ජලභීතිකා මරණ වැඩි සංඛ්‍යාවක්‌ Read More

අද, හෙට කොළඹ පාරවල් වැහෙන්නේ මෙහෙමයි..

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය හේතුවෙන් අද (13) සහ හෙට (14) යන දෙ දින තුළ කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කොට ඇත. ඒ අනුව අද පෙරවරු 5.30 සිට පෙරවරු 6.30 දක්වා කටුනායක අධිවේගී මාර්ගය, නව කැලණි පාලම, බේස්ලයින් මාර්ගය, බොරැල්ල මංසන්ධිය, ඩී.එස්. විදුලි සංඥා, හෝටන් පෙදෙස, ලිබර්ටි වටරවුම සහ කොල්ලුපිටියේ Read More

මෝදි ලංකාවට

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (13) අලූයම ශ‍්‍රී ලංකාවට පැමිණියා. දෙදින නිල සංචාරයක් සඳහා ශ‍්‍රි ලංකාවට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය මෝදි ද්වීපාර්ශවික රාජ්‍ය චාරිකාවක් සඳහා 1987 වසරෙන් පසු ශ‍්‍රී ලංකාවට පැමිණි ප‍්‍රථම ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයායි. අද පෙරවරු 5 යි 20ට පමණ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා රැගත් විශේෂ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා වූ අතර, ඔහු පිළිගනු ලැබූයේ Read More

හදිසි කෝටිපති දේශපාලකයන් 1000කට පැමිණිලි..

හදිසියේම ධනපතියන් වූ දේශපාලකයන් හා බලවතුන්ට සම්බන්ධයෙන් පසුගිය මාස දෙක තුළ අල්ලස් දුෂණ චෝදන විමර්ශන කොමිසමට පැමිණිලි දහසක් පමණ ලැබී ඇත. කොමිසමේ කොමසාරිස් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය පවසන්නේ අයථා ගණුදෙනු දේපළ හා වත්කම් පිළිබදව ලැබී ඇති එම පැමිණිලි අතරින් බොහොමයක් විමර්ශන කටයුතු දැනට ආරම්භ කර ඇති බවයි.

CIA ඒජන්තයින් ඇපල් උපාංග තුළට රිංගන්න මහ වෙහෙසක

ඇපල් සමාගම විසින් නිෂ්පාදිත උපකරණ වල ආරක්‍ෂිත ක‍්‍රමවේදයන් බිඳ ඒවා තුළට ඇතුළුවීම සඳහා CIA පර්යේෂකයින් වසර ගණනාවක මෙහෙයුමක නිරතවී ඇති බව අනාවරණය වී තිබේ. ස්නොව්ඩන් වාර්තා පිරික්සන ද ඉන්ටර්සෙප්ට් වෙබ් අඩවිය විසින් මේ බව වාර්තා කර ඇත. ජම්බෝරිය ලෙස හඳුන්වා ඇති වාර්ෂික රහසිගත ඔත්තුසේවා සමුළුවකදී මධ්‍යම බුද්ධි ආයතනය විසින් ඉදිරිපත් කළ වාර්තා හිටපු චරපුරුෂ නිලධාරී Read More

මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ සිදුවීමට අගමෑතිවරයා වගකිවයුතුයි

මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ සිදුවීමට අගමෑතිවරයා වගකිවයුතුයි.2015 ජනවාරි 18 වෙනිදා නිකුත් කළ 1897/15 සහ 1897/16 කියන රජය විසින් නිකුත්කළ ගැසට් නිවේදන්යන්ට් අනුව ශ්‍රී ලංකා මහා බැංකුව අයත් වෙන්නේ ප‍්‍රතිපත්ති සම්පාදන ආර්ථික කටයුතු ළමා තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාශයටයි.ශ්‍රී ලංකා මහා බැංකුව අයිති මුදල් අමාත්‍යාශයට නෙමේ. හෑමෝම මුදල් අමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්න කියලා කිව්වට ඉල්ලා අස්වෙන්න ඕනේ Read More

හයිබ්‍රිඩ් 2000ක් වෙන්දේසියේ ?

හම්බන්තොට වරායෙන් ගොඩබාන හයිබි‍්‍රඞ් වාහන 2000ක් පමණ වෙන්දේසියේ දමා අලෙවි කිරීමට සිදුවනු ඇතැයි හම්බන්තොට වරාය ආරංචි මාර්ග පවසයි. මේ මෝටර් රථ ගෙන්වූ මෙරට සමාගම් මේ වාහන ඉවත්කර ගැනීමට පියවර නොගතහොත් මේ පියවර ගැනීමට සිදුවනු ඇති බව වරාය ආරංචි මාර්ග පවසයි. මේ වාහන ඉවත් කර ගැනීමට නොහැකි වී ඇත්තේ හයි‍බි‍්‍රඞ් වාහන සඳහා පසුගිය අයවැයෙන් පනවන ලද Read More

අපේක්‍ෂතයන් තේරීමේදී නිර්ණායක 08ක්

දේශපාලන පක්‍ෂ සිය පක්‍ෂයෙන් අපේක්ෂකයින් තෝරා ගැනීමේදී සැලකිය යුතු නිර්නායක පිළිබදව සකස් කළ යෝජනාවලියක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතට පිලිගන්වනු ලැබීය. ‘මාර්තු 12 ප‍්‍රකාශණය’ නමින් පැෆරල් සංවිධානය විසින් සකසන ලද මෙම ප‍්‍රකාශණ එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, සුනිල් හදුන්නෙත්ති ඇතුළු පිරිසක්ද එක්වූහ. යෝජනාවලියේ පහත ප‍්‍රධාන කරුණු ඇතුළත්ව පවතී. Read More

අනුර කුමාරට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව හෑල්ලුවට සහ අපහාසයට ලක් කරන ප්‍රකාශයක් කළේ යැයි රහස් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. අනුර කුමාර දිසානායක මහතා පසුගිය පෙබරවාරි 14 වැනිදා මහනුවර තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයකදී එම ප්‍රකාශය කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වෙයි. එම ප්‍රකාශය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලපන්ති Read More

t

o

p