CIA ඒජන්තයින් ඇපල් උපාංග තුළට රිංගන්න මහ වෙහෙසක

March 13, 2015

ඇපල් සමාගම විසින් නිෂ්පාදිත උපකරණ වල ආරක්‍ෂිත ක‍්‍රමවේදයන් බිඳ ඒවා තුළට ඇතුළුවීම සඳහා CIA පර්යේෂකයින් වසර ගණනාවක මෙහෙයුමක නිරතවී ඇති බව අනාවරණය වී තිබේ.

ස්නොව්ඩන් වාර්තා පිරික්සන ද ඉන්ටර්සෙප්ට් වෙබ් අඩවිය විසින් මේ බව වාර්තා කර ඇත.

ජම්බෝරිය ලෙස හඳුන්වා ඇති වාර්ෂික රහසිගත ඔත්තුසේවා සමුළුවකදී මධ්‍යම බුද්ධි ආයතනය විසින් ඉදිරිපත් කළ වාර්තා හිටපු චරපුරුෂ නිලධාරී එඞ්වඞ් ස්නොව්ඩන් විසින් අත්පත් කරගෙන ඇතැයි පැවසේ.

ඇපල් ඉලක්ක කරගත් CIA මෙහෙයුම් සාර්ථක වූයේද නැතිද යන්න ගැන පැහැදිලි තොරතුරු නොවූවත් තාක්‍ෂණික දැවැන්තයාගේ නිපැයුම් තුළට ඇතුළුවීම සඳහා චරපුරුෂයින් විසින් ගත් උත්සහයන් පිළිබඳව මෙම වාර්තා තුළ විස්තර කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව මිලදී ගත හැකි ඇපල් යෙදවුම් බොහොමයක් නිපදවිම සඳහා භාවිතා කර ඇති Xcode නම් මෙවලමේ පිටපතක් නිර්මාණය කිරීමට CIA පර්යේෂකයින් උත්සහ කර ඇති බව ඉන්ටර්සෙප්ට් විසින් අනාවරණය කර ඇත.

මෙය සාර්ථක වී නම් ඇපල් විසින් නිර්මාණය කරන මෘදුකාංග විශාල ප‍්‍රමාණයක පසුපස දොරින් ඇතුළුවීමේ හැකියාව චරපුරුෂයන්ට හිමිවනු ඇතැයි පැවසේ.

ඇපල් විසින් සිය දත්ත කේතනය කරන ක‍්‍රමවේදයන් බිඳ දැමීමට වෙරදරා ඇති බවද හෙළිවී තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p