මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ සිදුවීමට අගමෑතිවරයා වගකිවයුතුයි

March 13, 2015

මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ සිදුවීමට අගමෑතිවරයා වගකිවයුතුයි.2015 ජනවාරි 18 වෙනිදා නිකුත් කළ 1897/15 සහ 1897/16 කියන රජය විසින් නිකුත්කළ ගැසට් නිවේදන්යන්ට් අනුව ශ්‍රී ලංකා මහා බැංකුව අයත් වෙන්නේ ප‍්‍රතිපත්ති සම්පාදන ආර්ථික කටයුතු ළමා තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාශයටයි.ශ්‍රී ලංකා මහා බැංකුව අයිති මුදල් අමාත්‍යාශයට නෙමේ. හෑමෝම මුදල් අමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්න කියලා කිව්වට ඉල්ලා අස්වෙන්න ඕනේ අගමෑති රනිල් වික්ක‍්‍රමසිංහ මහතා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

වංචා සහ දුෂණ තුරන් කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳවත්, මහා බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ සිදුවීමට අදාලව ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිලිබඳවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය පෑහෑදිලි කිරීම සදහා ඊයේ 12 දින පෑවති මාධ්‍ය හමුවකදී මේ බව එම පක්ශයේ පුබුදු ජයගොඩ මහතා පෑවසීය.
වෑඩි දුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා…….

 

පසුගිය පෙබරවාරි මාසයේ සිදු වුන භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ වංචා සිදුවුනා කියලා දෑන් බොහෝදෙනා කතාකරනවා.මේ වෙන්දේසියට හෑමොම අඩුවෙන් සල්ලිගෙනල්ලා තියෙද්දී එක සමාගමක් වෑඩිපුර මුදල් ගෙනල්ලා තිබුනා. ඒ සමාගම රුපියල් බිලියන 03 ලන්සු පවා ඉදිරිපත් කළා.බිලියන 10 වෙච්ච සම්පුර්ණ බෑදුම්කර වල මුදලින් බිලියන 05ක් පමණ ආයෝජනය කලේ මේ සමාගමයි.

මේ සමාගම තමයි පර්පර්චුවල් ටෙෂරීස් ලිමිටඩ් කියන සමාගම. මෙතන ලොකු ප්‍රශ්ණයක් තියනවා. අනෙක් කිසුදු තෑරෑව්කාර සමාගමක් නොදෑන සිටි තොරතුරු මේ සමාගම දෑනගෙන ඉදලා තියනවා.එහෙම නොදෑන මේ තරම් ලොකු ලන්සු ඉදිරිපත් කරන්න බෑ.මේ සමාගම ආයෝජනය කරපු මුදල වෙනුවෙන් කලින් මහ බැංකුව දන්වලා තිබුන ඉහළම පොලීමුදල වන සියයට 12.5 මුදල ගෙවලා තියනවා.

ආයෝජනය කරපු මුදල් වෙනුවෙන් මේ සමාගමට ඉතාවිශාල ලාබයක් ලෑබෙනවා.අන්තර්ජාලයේ මේ සමාගමේ නම ගහලා බෑලුවම තියෙන නිල වෙබ් අඩවිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.මේ සමාගම ගෑන තොරතුරු හොයලා බලද්දී මේ සමාගම පර්පර්චුවල් ඈසට් මෑනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට අයිති සමාගමක් ලෙස තමයි මේ සමාගම පවත්වාගෙන යන්නේ.

මේ සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරුවෝ දෙන්නා තමයි ජෙෆ් රි ජෝෂප් ඈලෝසිය්ස්, අර්ජුන් ජෝෂප් ඈලෝසියස්. මේක පව්ලේ සමාගමක්.මහ බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑනාට අයත් සමාගමක් තමයි මේක.මේ ආණ්ඩුව බලයට එද්දී කියපු දේ තමයි වංචා සහ දුෂණ තුරන් කිරීම හා පවුල් පාලනය අවසන් කරනවා කියලා.එතකොට මේ මොකක්ද ? මේ අර්ජුන් මහේන්ද්‍රන් පවුල් සමාගමද ?

Sammy

Previous story Next story

Leave a comment

t

o

p