හයිබ්‍රිඩ් 2000ක් වෙන්දේසියේ ?

March 13, 2015

හම්බන්තොට වරායෙන් ගොඩබාන හයිබි‍්‍රඞ් වාහන 2000ක් පමණ වෙන්දේසියේ දමා අලෙවි කිරීමට සිදුවනු ඇතැයි හම්බන්තොට වරාය ආරංචි මාර්ග පවසයි.

මේ මෝටර් රථ ගෙන්වූ මෙරට සමාගම් මේ වාහන ඉවත්කර ගැනීමට පියවර නොගතහොත් මේ පියවර ගැනීමට සිදුවනු ඇති බව වරාය ආරංචි මාර්ග පවසයි. මේ වාහන ඉවත් කර ගැනීමට නොහැකි වී ඇත්තේ හයි‍බි‍්‍රඞ් වාහන සඳහා පසුගිය අයවැයෙන් පනවන ලද අධික බදු බරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ වාහන ඉවත් කර ගැනීමට කාලයක් දී අනතුරුව එම වාහන ඉවත් කර ගැනීමට අපොහොසත් වුවහොත් එම වාහන වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බවයි

Sammy

Previous story Next story

Leave a comment

t

o

p