මෝදි ලංකාවට

March 13, 2015

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (13) අලූයම ශ‍්‍රී ලංකාවට පැමිණියා. දෙදින නිල සංචාරයක් සඳහා ශ‍්‍රි ලංකාවට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය මෝදි ද්වීපාර්ශවික රාජ්‍ය චාරිකාවක් සඳහා 1987 වසරෙන් පසු ශ‍්‍රී ලංකාවට පැමිණි ප‍්‍රථම ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයායි. අද පෙරවරු 5 යි 20ට පමණ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා රැගත් විශේෂ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා වූ අතර, ඔහු පිළිගනු ලැබූයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ විසින්. මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් සහ මැතිඇමතිවරුන් රැසක් ගුවන්තොටුපල වෙත පැමිණ සිටි අතර, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ඔවුන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත හඳුන්වාදෙනු ලැබුවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p