ක්‍ෂය රෝගීන් හා ලාදුරු රෝගීන් වැඩිම බස්‌නාහිර

March 14, 2015

අප රටේ ක්‍ෂය රෝගීන්ගෙන් 49% ක්‌ හා ලාදුරු රෝගීන්ගෙන් 41% ක්‌ ද සිටිනුයේ බස්‌නාහිර පළාතේ යෑයි බස්‌නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීප්ති පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ මහත්මිය එසේ ප්‍රකාශ කළේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පැවැති විශේෂ වැඩමුළුවකදීය. ඊට අමතරව ඩෙංගු රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක්‌ හා ජලභීතිකා මරණ වැඩි සංඛ්‍යාවක්‌ වාර්තා වන්නේ ද බස්‌නාහිර පළාතෙන් බව ඒ මහත්මිය සඳහන් කළාය.

මෙම දත්ත පවතින රාමුවෙන් වෙනස්‌ කිරීම සඳහා නව වැඩසටහන් රැසක්‌ ක්‍රියාත්මක කර ඇතැයි ද ඒ මහත්මිය සඳහන් කළාය.

– Divaina

Sammy

Previous story Next story

Leave a comment

t

o

p