Local News

ජාතික ආණ්ඩුව පිහිටවීම ගෑන අපිට කියන්න තියෙන්නේ කොහොඹ ගහට කරවිල වෑල ගියා කියලා

ජාතික ආණ්ඩුව පිහිටවීම ගෑන අපිට කියන්න තියෙන්නේ කොහොඹ ගහට කරවිල වෑල ගියා කියලා. නරකට නරක එකතු වීමක් වෙලා තියෙන්නේ. අද 23 දින කොළඹ පෑවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා මේ බව පෑවසීය.මෙම මාධ්‍ය හමුව සදහා එම පක්ෂයේ දුමින්ද නාගමුව මහතාද සහභාගීවිය. වෑඩි දුරටත් අදහස් දෑක්වු පුබුදු ජයගොඩ මහතා……   මෙපමණ Read More

“බොන්ෂුවා” සිනමා උළෙල 26දා සිට

“බොන්ෂුවා” සිනමා උළෙල මාර්තු 26දා සිට 29දා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ. 26දා පස්වරු 6.00 ට ස්විට්සර්ලන්ත සිනමාපටයක් වන Sam චිත්‍රපටයෙන් මෙම උළෙල ආරම්භ කෙරේ. ඒ අනුව 27දා පස්වරු 3.00 වියට්නාම චිත්‍රපටයක් වන  Don’t Burn, පස්වරු  6.00ට  බෙල්ජියම් චිත්‍රපටයක් වන Paper Douls තිරගත කිරීමට නියමිතය. 28දා පස්වරු 3.00ට ප්‍රංශ චිත්‍රපටයක් වන Read More

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා හෙට හා අනිද්දා ඉන්දියාවේදී

වසරකට ආසන්න කාලයක් ඇණහිට තිබූ ඉන්දු – ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා ලබන හෙට (24) සහ අනිද්දා (25) ඉන්දියාවේ චෙන්නායි හිදී පැවැත්වෙයි. ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා සහ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිංහා මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී ධිවර ගැටලු සම්බන්ධයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා ඇණහිට තිබීම සම්බන්ධයෙන් අවධානය යොමු විය. සාකච්ඡා යළි ආරම්භ Read More

හිතෙන හිතෙන විදිහට ජාතික කොඩිය, ජාතික ගීය වෙනස්‌ කිරීමට බැහැ

අද මාතෘ භූමියේ ජාතික ගීය හෝ ජාතික කොඩිය ඇතැමුන්ට හිතෙන හිතෙන විදිහට වෙනස්‌ කිරීමට නොහැකි බව මහජන එක්‌සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියේය.ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව එය එසේ කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ෆොන්සේකා ෆීල්ඞ් මාර්ෂල් නිලයට උසස් වෙයි

තිස් වසරක යුද ගිනි නිමාකර සතුරා සදහටම තුරන් කරන්නට දිවිහිමියෙන් රට වෙනුවෙන් සටන් කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිදු කළ අද්වීතිය සේවාව වෙනුවෙන් අද 22 ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට ෆීල්ඞ් මාර්ෂල් නිලයට උසස් කොට පිදුම් ලැබීය.   ෆීල්ඞ් මාර්ෂල් නිලය විශේෂ බලතල ගණනාවකින් යුතු වන අතර කැබිනට් අමාත්‍යවරයෙකුට එහා ගිය විශේෂ බලතල ප‍්‍රමාණයක්ද මෙම තනතුරට Read More

ගෝල්ෆේස් පාර වැසෙයි.

 (22දා) පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා ගෝල්ෆේස් වටරවුමේ සිට ගාලුපාර, එන්.එස්.ඒ. වටරවුම, ලෝටස් පාර සිට සෙරමික් හංදිය දක්වා සහ ජනාධිපති මාවත දක්වා මාර්ග වසා තැබෙන බව පොලීසිය නිවේදනය කරයි. 

දෙමළ බසින් ජාතික ගීය ගයන්න පුළුවන්

දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට අයිතියක් තිබෙන බව ද එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගන්නා බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවැසී ය. ව්‍යවස්ථාවේ තිබෙන මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගන්නා බවත් එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්නයෙන් ම එකඟ බවත් Read More

හිටපු මැ.කො. චන්ද්‍රානන්දද සිල්වා අභාවප‍්‍රාප්ත වෙයි..

හිටපු මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්දද සිල්වා මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. රාජගිරියේ පිහිටි සිය නිවසේදී අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 78කි.

කොළඹ ඩෙංගු බෝ කරන වැඩබිම් 125කට නඩු

කොළඹ නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නගරයේ ඩෙංගු මදුරු කීටයන් බෝ කරන මහාපරිමාණ ඉදිකිරීම් වැඩබිම් 125කට මේ වන විට නඩු පවරා ඇත. ජන ජීවිතයට බරපතළ තර්ජනයක් වී ඇති මෙවැනි ස්ථාන ගණනාවක් මේ වන විට හදුනාගෙන ඇතැයිද කොළඹ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා පැවසීය.

නිවාස අධිකාරියෙන් පවුල් 50000කට නිවාස ණය

රට පුරා පවුල් 50,000ක් සදහා නිවාස ණය ලබාදීමේ ව්‍යාපෘතියක් සහ නිවාස ගොඩනැගීම සදහා අවශ්‍ය සහායක ආධාර ණය මුදල් ලබාදීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සදහන් කරයි. නව වැඩසටහන යටතේ තෝරාගත් පවුල් සදහා නිවාස ණය ලෙස රුපියල් ලක්ෂයක මුදලක් මාසයක කාලයක් ඇතුළත පිරිනැමෙන අතර ඔවුන්ට එම මුදල ඉදිරි වසර 10ක කාලය Read More

t

o

p