ජාතික ආණ්ඩුව පිහිටවීම ගෑන අපිට කියන්න තියෙන්නේ කොහොඹ ගහට කරවිල වෑල ගියා කියලා

March 23, 2015

ජාතික ආණ්ඩුව පිහිටවීම ගෑන අපිට කියන්න තියෙන්නේ කොහොඹ ගහට කරවිල වෑල ගියා කියලා. නරකට නරක එකතු වීමක් වෙලා තියෙන්නේ. අද 23 දින කොළඹ පෑවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා මේ බව පෑවසීය.මෙම මාධ්‍ය හමුව සදහා එම පක්ෂයේ දුමින්ද නාගමුව මහතාද සහභාගීවිය.

වෑඩි දුරටත් අදහස් දෑක්වු පුබුදු ජයගොඩ මහතා……

 

මෙපමණ කලක් තිරය පිටුපසින් අරගෙන ගිය ජාතික ආණ්ඩුව දෑන් තිරය ඉදියට ඈවිල්ලා තියනවා.පසුගිය කාළය පුරාම මේ පක්ෂ දෙකම හිටියේ එකම ප්‍රතිපත්තියක.1978 නව ලිබරල් ධනවාදය හදුන්වා දුන්නට පස්සේ මේ පක්ෂ දෙකම හිටියේ එකම ප්‍රතිපත්තියක.එක පක්ෂයක් ආණ්ඩුව ලෙස මේ ප්‍රතිපත්ති ක්‍රියාවේ යොදවද්දී අනෙක් පක්ෂය කලේ මේ ප්‍රතිපත්ති වල අඩුපාඩු වහගන්න පුද්ගලයින්ව විවේචනය කරපු එක. 2015 ජනවාරි මාසේ 08 වෙනිදා ජනාධිපතිවරනයෙන් පස්සේ පාර්ලිමේන්තුව ඈතුලේ ජාතික ආණ්ඩුව තමයි කොහොමත් තිබුනේ.

 

පසුගිය කාලේ පාර්ලිමේන්තුවේ සම්මත වුනු පනත්දිහා බෑලුවම අපිට හොදටම තේරෙන දෙයක් තමයි ජාතික ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ තිබුනා කියලා.එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනස් දේශපාලන පක්ෂ දෙකක් ලෙස පෙනී සිටියත් එය එසේ නොවන බව පසුගිය කාලයේ ජනාධිපතිවරණ සමයේ පිල් මරු සිදු වු ආකාරයෙන්ම පෙනීගියා.   ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන 19 වැනි ව්‍යාවස්ථා සංශෝධනය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමක්. දෙන්නා අතරේ බලය බෙදෙන්නේ කොහොමද කියලා තමයි මේ ගිවිසුමේ තියෙන්නේ.මේ ගෑහුවේ අන්තිම තුරුම්පුව . ජාතික ආණ්ඩුව කියලා මේ පිහිටවා ගත්තේ රජය සතුව තිබුන තුරුම්පු ආසියා.මීට වඩා මේ ආණ්ඩුවට ගහන්න කොළයක් නෑ.මේ ජාතික ආණ්ඩුව ගෑන එක එක්කෙනා එක එක කතා කියනවා.   අපේ ස්තාවරය හරිම පෑහෑදිලියි. මේ දෙගොල්ලෝ එකතු වෙලා එක ආණ්ඩුවක් හදන එක ගෑන, දෙගොල්ලෝම එකතු වෙලා එක කෑබිනට් මණ්ඩලයක් හදන එක ගෑන අපි ඉන්න ස්තාවරය නිශ්චිතයි.

 

ජනතාව දෑන් විලම්බීත වෙලා ඉන්නේ. ජනතාව යහ පාලනය වෙනුවෙන් කරපු වෙනස ගෑන ජනතාවටම දෑන් හිතා ගන්න බෑරිවෙලා ඉන්නේ වසර ගාණක් තිස්සේ අපි දෑක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට පාලනය කරනවා.ජනතාවට ඒකෙන් අත්වුන ඉරණම මොකක්ද කියලා අපි දෑක්කා.එක්සත් ජාතික පක්ෂය රට පාලනය කරන්නේ කොහොමද ? ඒ ගොල්ලන්ගේ පාලන කාලයේදී මොනවද වුනේ කියලා අපි දෑකලා තියනවා. මේ දෙගොල්ලෝ වෙන වෙනම රට පාලනය කරන හෑටි දෑකලා තියනවා.අපේ රටේ ජනතාව මේ දෙගොල්ලෝ වෙන වෙනම රට පාලනය කරනවා දෑකලා තිබුනට දෙගොල්ලෝ එකතු වෙලා රට පාලනය කරනකොට ජනතාව හිතනවා නම් අමුතු දෙයක් වෙයි කියලා අමුතු කිසිම දෙයක් වෙන්නේ නෑ. මේ වෙලා තියෙන්නේ නරකට නරක එකතුවීම.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p